තානායම්පල

තානායම්පල යන්නෙහි සරල අරැත වන්නෙ වෙහෙස නිවාගන්නා නවාතැන්පල යන්නැයි. මේ සයිබර් ලොව එවැනි ශ්‍රී ලාංකිය අනන්‍යතාව අපේ කම රැදි එවැනි නවාතැන්පලක් ලෙස තානායම්පල හදුන්වා දිමට කැමැත්තෙමු. තානායම්පල පවුලේ මව් සමුහයෙන් ඇරබි මෙකි සමුහ ජාලාවේ තානායම්පල සත්කාරතානායම්පල පන්හිද / තානායම්පල රේඩියොව / තානායම්පල වෙබ් අඩවිය දක්වාම විසිරි පැතිරි පවති.    

                                                                      

තානායම්පල සමුහය 

2014 ජුලි 27 වනදා මෙම සමුහය ඇරබුවේ මුනුපොතේ සැරිසරනා සොදුරැ මිනිසුන් කිපදෙනෙකු පිරිවරා මේ සයිබර් ලෝකයේ නාදුනන එමෙන්ම යම් සමාජ මට්ටමක් තිබෙන අය එක්රැස් කරන් ඒ තුලින් එකම පවුලක් සේ කල හැකිදැයි අත්හදා බැලිමක් ලෙසටයි. මෙම සමුහය තානායම්පල නමින් තිබෙන සියලුම ජාලාවන් හි මව් සමුහයද වන්නේය. මෙම සමුහයේ පිරිස සියකට පමන සිමිතය. ඒ සිමිත කමට හේතුව එකම පවුලේම පිරිසක් ලෙස කෙනාට කෙනා හදුනා ගැනිමේ පහසුව උදෙසාය. මේ සමුහය රහසිගත සමුහයක් වුවද මෙකි බැදිමේ පලයක් ලෙසිනුයි සමුහයෙන් බාහිරව තානායම්පල නමින් යන සමාජ සුබවාදි පනිවිඩයන් දියත් වන්නේ දේශපාලනය, ආගම්වාදි, ජාතිවාදි, පුද්ගල අපහාස වලින් තොර මෙම සමුහය සබෑ ලෙසම එකම පවුලක්ම බවට සාක්ෂි සමුහයෙන් ඔබ්බට විහිදෙන මං ඔස්සේම පැහැදිලි වන බව මා සිතන්නෙමි.
මෙම ලියුම් කරැත්(චාමින්ද දිසානායක), චතුරිකා සෙව්වන්දිත්, එරින් ප්‍රනාන්දුත්, මෙම සමුහ ජාලාවේ පරිපාලනයන් හා නලින් ජයවර්දන, පාලිත මුනසිංහ, රත්මලි ගුනසේකර, තිලකා රන්දෙනි අනුශාෂකත්වයෙන් දායක වුවද  ඒවා තාක්ෂණික කටයුතු වලට පමනි. සමුහයේ අතිකරැවන් වන්නේ අපේ කමට අපේ බසට ඇලුම් කරන සෑම සියලුම දෙනාමයි. තානායම්පල මව් සමුහයේ පටන් සියලුම තානායම්පල කටයුතු වලට බාවිත වන ලාංජනයෙන්ද එකි අපේ කම අර්ත ගැන්විමකි.

 


තානායම්පල පන්හිද

තානායම්පල මව් සමුහයේම තවත් සෞන්දර්යාත්මක පියවරක් ලෙසින් තානායම්පල පන්හිද මුහුණු පොත් සමුහයේ ක්‍රියාත්මක වෙයි. එයට එක්වෙන සාර්ථක නිර්මාණ ඔබ වෙත තිළිණ කිරීම සදහා අප තානායම්පල ගුවන් විදුලියේද වැඩසටහනක් වෙන් කර තිබෙන අතර එමෙන්ම තානායම්පල පන්හිද  නමින් අන්තර්ජාල පිටුවක්ද, තානයම්පල වෙබ් අඩවියේ වෙන් වි තිබේ.

 


තානායම්පල සත්කාර

තානායම්පල සත්කාර යනු අන්තර්ජාලයේ මුහුණු පොත උපයෝගි කරගනිමින් සමාජයට විශාල මෙහෙවරක් කල හැකි බව සාධක සමග ඔප්පු කල පිටුවකි. පළමු සත්කාරයේ පටන්ගැන්ම සිදුවුයේ මිට වසරකට පමණ ඉහතදිය. නිවසින් අතුරුදහන් වු ආබාධිත දරුවෙක් මාසයක් පුරාවට සොයා වෙහෙසුන දෙමාපියන් පසුව ඒ ගැන අපට කල සදහන් කිරිමකින් පසුව අප එ් තොරතුරු ඇතුලත් කොට පෝස්ටරයක් අපි විසින් මුහුණු පොතේ මුදා හැරියෙමු. ඒ අනුව දිනක් ඇතුලත මේ දරුවා එම දෙමාපියන් බාරයට පත්කරන්නට අපට හැකිවිය. එදින මේ මුහුණු පොත තුලින් සමාජයට කල හැකි මෙහෙවර කොතරම්ද යනු අපට වැටහිනි.
ඒ අනුව ක්‍රියාකළ අපි තානායම්පල සත්කාර නමින් මුහුණු පොතේ පිටුවක් ආරම්භ කොට ලොව පුරා විසිරුනු මිතුරු මිතුරියන් රාශියක් එම පිටුවට සබද කර ගතිමු. බලංගොඩ වියපත් දෑස් නොපෙනෙන මවට සහ එම ආබාධිත දරු දෙදෙනාට නිවසක් තනා දිමට අපි තීරණය කලේ ඉන් අනතුරුවයි. පෙර පරිදිම ඒ පිලිබද මුහුණු පොතේ මිතුරන් දැනුවත් කලෙමු. අපට විශ්වාස කිරිමට පවා අසිරු ලෙසින් මාස හයක් වැනි කෙටි කලක් තුලදි මුහුණු පොතේ ඉතිහාසයම වෙනස් කරමින් අංග සම්පුර්ණ නිවසක් තනා නිමකොට එම මෑනියන්ට පිලිගන්වන්නට හැකියාව ලැබුනි. මේ අයුරින් දෙවන, තෙවන, සිව්වැනි අබිබවා, එදා මෙදා තුර තානායම්පල සත්කාර තුලින් අප ආ ගමන් මග දෙස යලි හැරි බලන විට තානායම්පල සත්කාර තුලින් අප සමාජයට විශාල මෙහෙවරක් සිදුකොට ඇත්තෙමු....

 


 තානායම්පල රේඩියෝව

සාම්ප්‍රදායික ගුවන් විදුලි මගට වඩා වෙනස්ම මගක් ගන්නා අපේ කම තදින් දැනෙනා ගුවන් විදුලියකි  තානායම්පල ගුවන් විදුලිය. තානායම්පල මව් සමුහ‍ය ආරම්භ කල යුග දක්වාම මේ පිලිබදව නැගුන යෝජනා අතර සුසන්ත දන්දෙනි ගමගේ සොයුරා මෙයට වසරකට පමන ඉහතදි මෙම ලියුම් කරැවෙත කල යෝජනාවක ප්‍රථිපලයකි මෙය.
තානායම්පල රේඩියෝවවෙහි තේමාව අපේ කමයි. අපක්ෂපාතීත්වයෙන් වැඩසටහන් ජනහිත සුව පිනිස සේම තානායම්පල ගිමන නිවන සැම දෙනගේ නිර්මාණ වලට මෙය කදිම තෝතැන්නකි. සැකැවින් පවසතොත් ජන ජිවිතයේ ගමනට ඇවැසි සියලු දේ දිම මෙහි අරමුණයි. මෙහි කාර්්‍ය මන්ඩලය ඇතුලු සියලුම දෙනා ආත්ම වින්දනය උදෙසාම කරන ජාතික මෙහෙවරකි. ලිහිමට ඇති මල්ල ඔබා බැලිය යුතු නොවනා සේම ගුවන් විදුලියද සැබැ අයිති කරැවන් වන රසිකයනට බාරයි.
මෙම ගුවන් විදුලිය වෙනුවෙන් ඇවැසි මුල්‍ය හා තාක්ෂණික දායකත්වය දෙන ප්‍රදිප් රැවන් හේවගේ සොයුරා මෙහිදි විශේෂයෙන් සිහි කරමි. එමෙන්ම එහිදී අත් වැල් බැදී  කටයුතු කරන දුලංජලි ඉෂංකා රණසිංහ සොයුරිගේද දායකත්වය සුවිශේෂිය. නිර්මාණ කරනයේදි එක් වි සිටින ප්‍රවින සහ නවක සැමම එක ලෙස දෙන දායකත්වයත් අපගේ ප්‍රධාන සංස්කරන ශිල්පි අනුර ප්‍රේමකුමාර ඇතුලු සංස්කරන අංශය දෙන ශක්තියද ඒකාමික කරමින් "ගම්දොර අභියස සිට සයිබර් ලොව අක්මුල් සිසාරා වැයෙන අපේ කමේ අඩහැරයට" එක්වන සැමද ගරුත්වයෙන් සිහි කරමු...
මනසට උත්තේජනයක් දිය හැකි සොදුුරු ගීතයක මිහිරෙන්  වෙහෙස නිවාසනහන තෝතැන්නකි තානායම්පල රේඩියෝ......