තානායම්පල පුවත්

පිපාසිත පිටකන්දේ පිපාසාව නිවන සිංහ යෞවනයන්

September 19, 2016

14374539_810729792394815_561901845_o
අදුරට ශාප නොකර එක පහනක් දැල්වන්නැයි සිංහල සාහිතයේ ආතෝපදේශකට අර්තවත් අරැත කතනයක් එක් කරන ධිරිය යෞවනයන් පිරිසක් පසුගියදා තානායම්පල ට හමුවිය .ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ වැලිගෙපල ග්‍රාම නිලධාරි වසමේ පිටකන්ද ලයන්ස් යෞවන සමාජයේ තරැණ තරැණියන් ිපිරිසයි . සිය ‍යෞවන සමාජයෙන් ඔවුන් මේ දිනවල අත ගසා ඇත්තේ සුලු පටු මෙහෙවරක ට නොවන බව අප කල නිරික්ෂණ චාරිකාවේදි හොදින් ම පසක් විය .
පවුල් 200 කට අධික පිරිසක් ජිවත් වන මෙකි ගම්මානයේ අතිතයේ සිටම තිබු දැවෙන ගැටලුවක් වුයේ පානිය ජල ඇවැසි තාවයයි. ඇල දොල වැව් පොකුණු නොමැති මේ ගම්මුන් සිය ජල ඇවැසි තා සපයා ගත්තේ වැසි ජලයෙන් හා උල්පත් ජලයෙනි . නුමුත් වසරේ මාස හයක්ම කලාපයේ පවතින පෑවිල්ලෙන් ගම්හු පිඩ වින්දහ .ඒ කල වලදි ගමට පානිය ජලය සැපපම් ගණනාවන් දුරකතර ගෙවා ගෙවිමට සිදුවිය . එකි කල සිටම ගමට ඇති ජල ඇවැසිතාවය දැනුන පැරන්නන් ගම්මානයට ජලය ලබා ගැනිම සදහා විවිද ව්‍යාපෘති ආරම්භ කල ද අසර්ත විය . ඇතැම් ව්‍යාපෘති ගසා කෑම් වලට ලක් විය .

cam00224cam00275cam00246
14383538_810090335792094_1257396122_n
කාලයේ යුග පෙරලියත් සමග ගමේ හොද තරැණ පිරිසක් බිහි විය . ජි වි නිලන්ති චන්ද්‍රකා නම් තරැණිය මේ පිරිසට හොද නායකත්වයක් සැපයිය . “අනාගතයේ රට බාරගන්න සිටින තරැණයන්  අපෙන් පසුව උඹල තමයි මේව කරන්න ඕනි “ සමාජයේ තරැණයන් පිලිබදව එදා මෙදා තුර තිබුන කතිකාවතකි. නුමත් එය මෙගම් වාසි නුතන තාරැන්‍ය එය වෙනස් කලහ .“අපෙන් පසුව උඹල තමයි මේවගේ නායකත්වය ගන්න ඕනි “ කියන ප්‍රකාශ වල සදහන් වි ඇත්තේ අපි සිටින තුරැ නුබලා එන්න එපා උබල අපි ගියාට පසු වරෙන්“ ඒ තුල තාරැණ්‍ය වැඩිහිටියන් තුල යම් ඉර්ෂියාවකට ලක්ව ඇතැයි තේරැම් ගත් මෙගම් හි තරැණයෝ “ නැහැ වැඩිහිටි ඔයාල ඉද්දි අපිත් වැඩ කරනවා වැඩ කරල පෙන්වනව වැඩිහිටියන් යන තුරැ ඉන්නේ නැහැ අපි නායකත්වය ගන්න “සිංහයන් සේ තරැණයෝ පෙරට ආහ . පරම්පරාගානක සිටම ගමට තිබු ජල ඇවැසි තාවය වෙනුවෙන් -ගමේ වැඩිහිටියන්ටත් නායකත්වය දෙමින් කටයුතු ඇරබිය.

cam00330cam00202cam00318
වැලිගෙපල තරැණසේවා නිලධාරි සෝමා ඉන්ද්‍රණි මහත්මියගේ මෙහෙය විම පරිදි පැවැත්වෙන පිටකන්ද ලයන්ස් යෞවන සමාජය ජල ඇවැසි තාවය වෙනුවෙන් පෙනි සිටියේය .ගම අවට ජල මුලාශ්‍ර නොමැති එගම් පියසේ සිට පා සැතැපුම් දෙකක් පමන දුර අතිශය දුෂ්කර කදු මුදුනක සිට කලපයට වතුර ගැනිම තබා සිතා ගැනිමටවත් බැරි කරණකි .  ඒ පිලිබදව “තානායම්පල “ වෙත අදහස් දක්වමින් ලයන්ස් යෞවන සමාජයේ ලේකම් ජි වි නිලන්ති චන්ද්‍රිකා මෙසේ පැවැසිය .
“ගමට වතුර ගැනිම සිහිනයක් වෙලා තිබුනේ අතිතයේ ඉදලම ගමේ උදවිය මේ වෙනුවෙන් විවිධ උත්සහයන් කලා. ඒ අතර යෞවන සමාජ වලින් ව්‍යාපෘති තරගයක් තියනවා .ගමකට ව්‍යාපෘතියක් කිරිමට රැපියල් 75000 ක මුදලක් දෙනවා කියල අපේ තරැණ සේවා නිලධාරි තුමිය අපට කිවා . ඉතින් ඒ ගැන අපේ යෞවන සමාජයේ යාලුවොත් එක්කයි ගමේ වැඩිහිටියෝ එක්කයි කතා කරල පිටකන්දේ කතරගම  දේවාලය ලගට ජලය ලබා ගැනිමේ ව්‍යාපෘතිය ඉදිරිපත් කලා . පිටකන්ද කතරගම දේවාල භාර කර මණ්ඩලය මේ සදහා සුවිශාල ශත්තියක් අපට දුන්න . ජලය ලබා ගැනිමේ ඇවැසි තාවය තිබුනත් ඒකට ජල මුලාශ්‍රයක් කිට්ටුව පාතක තිබුනේ නැහැ . මගේ පියා ජි වි නන්දසේන මහත්තයා අර ඈත පෙන්න කන්ද පෙන්නල අපිට කිවා ඔතනනම් වතුර තියනවා උබලට කරගන්න පුලුවන්නම් කියල .යාමට ඒමට පාරක් නොමැති වතුර ටැංකියක් සැදිමට බඩු භාණ්ඩයක් රැගෙන යාමට නොහැකි ඒ කන්දේ ඉදල වතුර රැගෙන ඒම විශාල අභියෝගයක් වුනා -රැපියල් හැත්ත පන්දාහකින් මෙච්චර ටිකක් කරගන්න හැකිද පලවැනි අභියෝගය ඒකට පිටකන්ද දේවලභාර කාර මණ්ඩලේ සියලුම නිලධාරින් ඇතුලු සාමාජිකයන් ශත්තියක් වුනා .උඹල පිටින් ආපු දරැවෝ නොවේ අපේ ගමේම දරැවෝ වැඩේ පටන් ගන්න අපි උදව් කරන්නම්  .එයිට පස්සේ අවශ්‍ය ශ්‍රම දායකත්වය -ගමේ වැඩිහිටියෝ එක හෙලාම කිවේ උබලට ශ්‍රමයෙනුත් අපි උදව් කරනනම් කියල  තුන් වැනි අභියෝගය වුනේ ජල මුලාශ්‍රය හිමි ඉඩම් හිමිකරැවන් කිප දෙනාගෙන් සහ වතුර බට ගෙන ඒමට ඉඩම් අයිති කරැවන්ගෙන් කැමැත්ත ලබා ගැනිම හිතා ගන්නවාත් බැරි විදිහට බොහොම කරැණාවෙන් ඒ සියලුම දෙනා කැමැති වුනා .එයිට පස්සේ අපි වැඩකටයුතු පසුගිය අගොස්තු මාසයේ පටන් ගත්තා ඕක්තොම්බර් මාසය වෙද්දි පිටකන්ද කතරගම දේවාල භුමියට ජලය ගෙන එම් තමයි අපේ ඉලක්කය .අපි මේ ජල මුලාශ්‍රය ගමට ගෙන්නේ කිසිදු පරිසර පද්දතියකට හානියක් නොවෙන්න වගේම වතුර ගන්න  ප්‍රදේශයේ ජල මුලාශ්‍ර වලටත් බලපෑමක් නොවැන්නයි . ගෙනෙන නල මාර්ගයේ අතර මග ටැප්  දාන්නේ නැහැ අපේ ප්‍රධාන ඉලක්කය වන පිටකන්ද කතරගම දේවාලයට තමයි ගේන්නේ එතනට ඇවිත් ජනතාවට වතුර ගෙන යන්න පුලුවන් ඒ වගේම පුදබිමේ පැවැති දැඩි ජල ඇවැසි තාවය විශේෂයෙන් මේ නිසා විසදෙනවා .“
මේ දිනවල පිටකන්ද නම් සොදුරැ ගම්පියසට පැමිනෙන ඕනෑම අයෙකුට දැක බලා ගැනිමට හැකියි මේ දුෂ්කර අභියෝගය තරැණ නායකත්වයන් යටතේ ගමේ වැඩිහිටියන් සියලුම දෙනා පෙර මගට විත් කටයුතු කරන ආකාරය ලොවක් දිනන්න ට ශත්තිය දෙන පිටකන්ද ලයන්ස් යෞවන සමාජයේ පිංබර පියවරේ සුන්දර නිමාව තව නොබෝ දිනකින් දැක බලා ගන්න ට හැකි වනු ඇත -අප ඔවුන් ට සුබ පතමු

පිංතුර හා සටහන -චාමින්ද දිසානායක
cam00338cam00195cam00283cam0017514408058_810728795728248_1884056341_ocam0022014383538_810090335792094_1257396122_n14359664_810090239125437_2023556697_o14407824_810090379125423_737265657_o14397364_1754783488106983_1043578408_n

බලංගොඩ රා කෝටි දෙක හමාරයි

September 17, 2016


14339835_809253925875735_1895244314_o
ලා රා මද ගුණං චෛයි

පොල් වාකර ගුණං ශ්‍රෙෂ්ඨං
පැහිච්ච රා පසං ගූණක්
දෙපරාදුවට අගරේ දපක්

පොතක පතක නොගැටුන ගම්දනව් ගැමියන්ගේ අනාධිමත් කලක සිට මුවග රැදුන ශ්ලෝකකි-ඒ තරමටම රා වලට ශ්‍රි ලංකාවේ පමනක් නොව භාරත දේශයේද ඇත්තේ අනාධිමත් කතාවකි. දේශය අද  ගොඩවදින්නේත් එවැනි තැබැරැමකටය–ඒ පසුගියදා පසුගියදා බළංගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි රැපියල් දෙකෝටි හතලිස් තුන් ලක්ෂයකට අලවි වු බලංගොඩ රා තැබෑරැමටයි .මත්පැන් බලපත්‍රයක් වෙනුවෙන් එලඹෙන වසර සදහා ලැබුන වාරතාගත ආදායමකි. මෙම තැබැරැමේ කෘතිම රා නිශ්පාදනය කරනවායැයි අදහසක්ද ගෙවුන යුගයේ තිබුනද අලවිය ඉත ඉහල වෙයි .ප්‍රධාන විහාරස්තානයක් අසල තිබෙන මේ තැබැරැමට විරෝධතා රාශියක් ම ගෙවුන යුගයේ තිබුනද මෙයින් ලැබෙන ආදායම ගැන සිතන රාජ්‍ය නිලධාරින් ඒ පිලිබදව කිසිදු තැකිමක් නොකර වසරකට වරක් ටෙන්ඩර් මගින් අලවි කිරිම නිබදව සිදුවෙයි කෙසේ නමුත් කෝටි දෙකහමාරකට ආසන්න මුදලකට අලවි වු මෙම රා තැබැරැම හා බැදි උප සංස්කෘතියක් ද නැතුවා නොවේ .
toddy1
ඉතිසාසය 1930 දක්වා දිව යයි එය ආරම්බ කලේ කවුරැන් විසින්දෑයි නිශ්චිත සදහනක් නොවුනත් ඒ පිලිබදව අදහස් දැක්වු බලංගොඩ සුදර්ශනාරාම විහාරාධිපති බලංගොඩ පියනන්ද හිමියන් දේශය වෙනුවෙන් මෙසේ කිය–/ ඒ කාලයේ නගරය ජනාකිරන නැහැ ගමේ ජනතාවට පොල් මලක් කිතුල් මලක් කපල රා ටිකක් බිමට හැකියාව තිබුන ඔය කාල වලදිම බලංගොඩ ප්‍රදේශයේ වතු වැඩ වලට දෙමල ජනතාව ඇවිදින් හිටියා එයාලගේ ඇවැසි තාවය උඩ තමා මේක ආරම්බ වුනේ අද වගේ එදා ටෙන්ඩර් කැදවිමක් නැත රා රේන්දය අවශ්‍යද නැතිද කියල බලංගොඩ ජනතාවගෙන් ජන්දය විමසල තමා ඊලග වසර සදහා විවෘත වන්නේ මට මටකයි එක් අවස්තා කිපයකදි ම මගේ ගුරැදේව නායක හාමුදුරැවෝ බලංගොඩ සුමනජෝති හිමි ජනතාව පෙල ගස්වල රා රේන්දය එපා කියල ජන්දය දිල තැබෑරැම වැසුවා නායක හාමුදුරැවන්ට ඒකට  සෑහෙන අභියෝගත් ආවා-// පියනන්ද හිමියන් කිය
අද බලංගොඩ නගරය අතිශය ජනාකිරනයි මහා මන්දිර සුපිරි පාසැල් ගොඩ නැගි ඇත එදා අඩි 10/15 කුඩා ඉඩක ආරම්බ වු රා තැබැරැම තාමත් එලෙසමයි එහෙත් වටිනාකම දෙකොටි හතලිස්  තුන්  ලක්ෂයයි -සාමාන්‍යෙයන්  තැබැරැමේ හිමිකරැට ජලබිල් විදුලි බිල් සේවකයන් සිව් දෙනාගේ පඩි නඩි සමග වසරකට කෝටි දෙකහමාරක පමන මුදලක් මේ පුංචි රා කඩයට වියදම් වෙයි -ලාබයක් ලැබිමටනම් අවම දිනකට රැපියල් දෙලක්ෂ දහතුන් දහසක පමන මුදලක් උපයා ගත යුතු වෙයි -තත්වය මෙසේ තිබියදි එලබෙන වසර සදහා දෙකෝටි  හතලිස් තුන් ලක්ෂයකට තැබැරැම ටෙන්ඩර් ගෙන තිබෙන්නේ නව ගැණුම් කරැවෙකි  – -ටෙන්ඩර් ගාස්තුවෙන් 100/10 ක පමන මුදලක් අඩුකිරිමට ප්‍රාදේශිය ලේකමි වරයාට බලය තිබුනද සතයක මුදලක් අඩුනොකර ටෙන්ඩරය ලබා ගෙන ඇත
මේ කතාවත් සමග ගෙවුන තොරතුරැ විමසිමට තැබැරැමේ කලමනාකාරවරයා සම්බන්ද කර ගැනිමට කිප විටක් උත්සසහ කලද අවස්තාව මග හැරිනි .කෙසේ නමුත් තැබැරැමට සම්බන්ද නම පුවත්පතේ හෙලි නොකරන්නයැයි සදහන්කල වෙනත් අයෙකු සදහන් කලේ //තැබැරැමේ රා ගුදමි 3 ක් තියනවා වසර 3 කට ඉස්සර ගුදමි 3 ම අලවි වුනා ඊට පස්සේ බලංගොඩ පොලිසියට පැමිනි දසනායක් ඕ අයි සි මහතාගේ පාලනය නිසා රා ගුදම් 1 දක්වා අලවිය පහලට බැස්සා ඒ මහත්තය පොලිසියෙන් ගියාට පස්සේ දැන් දැන් තැබැරැමට හොද බවයි img_1761
.
තැබෑරැමක ලයිසන් එක ලබා ගනිද්දි ඒ සදහා රා ලබා ගැනිම සදහා පොල් ගස් 5000 ක් මැදිමේ බලපත්‍රයද තැබැරැමට හිමිවෙයි .ඒ ලයිසන් එක හරහා බලන්ගොඩ තැබැරැමට රා ලැබෙන්නේ හලාවත ප්‍රදේශයෙනි. බලන්ගොඩ තැබැරැම හා හා බැදි රසවත් උප සංස්කෘතින්ද නැතුවා නොවේ වතු ආශිත දෙමල ජනතාව මෙන්ම කෙස් රැවුල් පැහුන සිංහල ජනතාවද තැබැරැමට ගොඩ වැදි රා විදුරැවක් තොල ගෑමට පුරැදු වි ඇත . වැඩිපුර මේ සදහා යොමු වි ඇත්තේ කුලි වැඩ කරන උදවියයි . හදිසියකට ගෙවත්තේ පොල් ගෙඩියක් කඩා ගැනිමට/වත්තේ පිටියේ වැඩක් කර ගන්න උවමනාවකට කුලි කරැවෙක් සොයා ගන්න ඇවැසි වුවහොත් කෙලින්ම යන්නේ තැබැරැම ලගටයි-රැපියල් හයසියට කුලි වැඩ වැඩ කරන්නම් පඩිය රැගෙන රැපියල් 100 ක් දි රා විදුරැවක් තොල ගා සුර් වුවාට පසුව ඉතිරි පන්සිය දි ඉතිරි සල්ලිවත් නොගෙන තවත් රා විදුරැවක් පානය කර දෙපරාදුවට අගරේ දපක් කිවාසේ ප්‍රධාන මාර්ගය අයිනේම හෝ ලග තිබෙන පන්සල් මිදුලේ රැය පහන් කර හිස් අතින් නිවැස් බලා යන අවස්තාද තිබෙන බව ප්‍රකාශ කලේ රා බිමට පැමිනි නම හෙලි නොකල අයෙකි. සැන්දැජාමය වෙද්දි සැතපුමි ගණනාවක ඇත සිට ජනතාව මේ තැබැරැම කරා ඇදි යයි පින්නවල ප්‍රෙදශෙයට සැන්දෑවේ යන එක් මගි ප්‍රවාහන බස් රතයක් හදුන්වන්නේ රා බස් එක යනුවෙනි .ඒ බස් රතයේ අති බහුතරයම තැබැරැමට ආව උදවියයි
14232547_1747731088810760_591155787458151550_n

බදුල්ල කොලඹ මහා මාර්ගය අයිනේ මිටර් සියක්වත් දුර නැති විහාරස්තානක් කොවිලක් අසල තිබෙන මෙම රා තැබැරැම නිසා ඇති වි තිබෙන සමාජමය ගැටලු රාශියක් ද නැතුවා නොවේ .ප්‍රධාන මාර්ගය අසලම යාමට ඒමට තිබෙන එකම මං තිරැව ඔස්සේ ජනප්‍රිය පාසැල් දෙකක දරැවන් මහා ජනතාව නිතර ගමන් කරයි තැබැරැම ඇත්තේද එම පැත්තේමය -රා පානය කල උදවිය ඇතැමි අවස්තා වලදි පාසැල් ලමුන් ගමන් කිරිමවත් තැකිමක් නොකර මහා පාර අයිනේම මුත්‍රා කිරිම වමනය දැමිම පවා සිදු කරන බව පැවසුවේ බලංගොඩ පියනන්ද හිමියනුයි-පවතින තත්වය අනුව එක් අවස්තාවකදි බලංගොඩ හිටපු නගරාධිපති නිමල් ගාමිනි විරසිංහ මහතා ප්‍රාදේශිය සම්බන්දිකරන කමිටුවේදිත් යෝජනාවක් ඉදිරිපත් කලේ තැබැරැම මෙම ස්තානයෙන් ඈත් කිරිම සුදුසු බවයි .එහෙත් කලාපයේ රාජ්‍ය නිලධාරි ආධිපත්‍ය නිසා එය ක්‍රියාත්මක වි නොමැත.
ඉබුලපේ විජිතවංශ හිමියන් මේ පිලිබදව මෙසේ ද සදහන් කලේය-රා හෝ රට බිම මොන තැබැරැමකින් වුවද සමාජයට වන හානිය සුලුපටු නෑ මේ තැබැරැම තියෙන්නෙ අපේ විහාරයට මිටර් 100 ක් වත් දුර නොවේ ඊට එහා පැත්තෙ කතරගම කෝවිලත් තියනවා සැන්දෑවට බි ගත්තම මේ ආගමික ස්තාන දෙකටම තියන කරදරයනම් සුලුපටු නෑ සමහර බිගත්තු උදවිය ධර්ම ශාලාවෙම නිදාගෙන වමනය මුත්‍රා කරලත් ගිය අවස්තාවල් තියනව අපිත් යෝජනා කරනවා දැන් හරි මේ තැබැරැම වෙනත් තැනකට ගන්නවනම් හොදයි කියල යන්න එන්න තියන එකම මං තිරැවටත් මේ නිසා ලොකු බලපෑමක් තියනවා

දෙකෝටි හතලිස්තුන් ලක්ෂයකට  අලවි වු බලංගොඩ රා තැබැරැමේ ලගු කතාව එයයි

සටහන -චාමින්ද දිසානායක(2016/9/19 දේශය පුවත්පතේ පලවු ලිපියකි)

ජනතාවගේ ගායන ශිල්පි නලින් ජයවර්ධනට දේශමාන්‍ය සම්මානය හිමිවෙයි

September 15, 2016

  10873355_10155012694895029_6539961447933987427_o
අන්තර්ජාලයේ ශ්‍රි ලංකික සංගිත කලාවේ නොමැකෙන රන් සලකුනක් සේ නලින් ජයවර්ධනයන් හදුන්වා දිය හැකියි  පසුගිය දිනකදි එතර පුවත්පතකින් අපුරැ වාරතාවක් දුටිමි-ඒ මුහුනු  පොත හරහා වැඩිම ආදුනික හා ප්‍රවින ගිත රචකයන් පිරිසකට ශක්තියක් දුන් ගායන ශිල්පියෙකු පිලිබදවයි-ලක් ඉතිහාසයේ මුල්වරට සිංහල ගිත වෙබ් සයිඩ් එකක් ආරම්බ කිරිමට නියාමක වරයෙකු වුයේද මෙම ගායන ශිල්පියාමයි-මුනුපොත හරහා පලවෙන ආදුනික ගිත  රචක රචිකාවියන්ගේ නිර්මාන ගිතයක් ලෙස ගායනා කිරිමට රැප රචනා ලෙස කරදිමට විසාල මුදලක් අය කරගනිමින් මාපියාවක් ක්‍රියාත්මක වන මෙවන් යුගයක නලින් ජයවර්දනයන්ගෙන් වන්නේ සුවිසල් මෙහෙවරකි  මුහුනු පොතට වැටෙන ආදුනික ප්‍රවින නිර්මානවේදියෙකුගේ ගිතයක් එය අර්තවත්නම් සිය වියදමින්ම ගිතයේ සියලුම කටයුතු කර දිමට ඔහු මදකුදු පසු නොබසි -සිය විනෝදාශය උදෙසා සුවිසල් මෙහෙයක් වන මොහු සිය දරැ පවුල සමගින් ඕස්ට්‍රෙලියාවේ ස්තිර පදිංචිව සිටියි දැයේ නිර්මාන වේදින්ට ශක්තියක් වු මේ වාර්තාගත ගායන ශිල්පියා පිලිබදව ලැබුන නවතම පුවත වුවේ ලාංකිය සංගිත කලාව වෙනුවෙන් සයුරෙන් එතර සිට කරනා මෙහෙවර වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සෙරෙන්ඩිප් නිවුස් නෙට් වර්ක් ආයතනය විසින් “දේශමාන්‍ය “ සම්මානයෙන් පිදුම් ලැබිමට නිර්දේශ කිරිමයි .එකි සම්මානය මහත් ගරැ සරැව එලඹෙන ඔක්තොම්බර් මාසයේ පිදිම ට නියමිත අතර -තානායම්පල සමුහජාලයේත් ගරැ සාමාජිකයකු මෙන්ම අනුශාෂක වරයෙකු වන නලින් ජයවර්ධනයන් පිලිබදව තානායම්පල ඔහු සමග කල කෙටි කතා බහකි මේ 

(මවුරටේ වෙසන අවදියේ අපි ඔබගේ කිසිම නිර්මානයක් අහලා හෝ දැකලා නෑනේ.)

13709931_1627650564217048_293734318700243206_n

මවුබිමේ වෙසෙනා කාලයේ,සහඡ දක්ෂතා තියෙන අය කීයෙන් කීදෙනාටද අවස්තාව ලැබුනේ ඒවා එලි දක්වන්න?ඒදිනවල වෙලඳපල හා ආයතන පාලනය කල අයසමග සම්බන්දතා පවත්වාගෙන යාමට නොසැකිවු කෙතරම්වත් අය සිටියානේ,මමත් ඒයින් එක්කෙනෙක්.අනික ගීත කියන්නට පෙර ස්තීර ආදායම් මාර්ගයක් සලසාගන්න එක ප්‍රධානයිනේ.ඔය කියන කොට මට මතක් වෙනවා දැන් ලංඩනයේ පදිංචි වී සිටින මා හිතවත්, සම්මාන ලාබී දයා ආනන්ඳ රනසිංහ මයා ලියු ගීයක පද පෙලක් “මන්මත් කරවන වීණාරාවේ,කුසගිනි ඇතිවුන් එය ඇසුවාදෝ—-?

අන්තරඡාලය බිහිවීම, සාමානය ජනයාට එයපරිහරනය කිරීමට ලැබිම. එමගින් තම හැකියාවන් එකරටකට පමනක්නොව මුලුලෝකයටම එලිදැක්වීමේ හැකියාව ඇතිවීම.ඒපමනක්නොවෙයි තමාහා සමාන හෝ තමාට වඩා වැඩි හැකියාවන්/දක්ෂතා ඇති අය සමග අතර මැදියන්, තැරැවුකාරයන්, නොමැතිව අදහස්, හැකියාවන් හුවමාරුකර වඩා හොද නිර්මාන,වානිඡත්වය පසෙකට කර,කල ඒලිදැක්විමට හැකිවීම.

(කවදද කොතනින්ද කෙලසින් ද ඔබගේ ගමන් මග ඇරඹුනේ.)
581563_10153522911590029_296386394_n

අන්තරඡාලයේ ඇරඹුම, ඒය පරිහරනය කිරීමට හුරුවීම සහ ඇමරිකාවේ වාසයකල ආචාරය විකුම්පෙරේරා මහතා හඳුනා ගැනීම.ඒදිනවල එම මහතා ආරම්බකල  සිංහල ගීත ශ්‍රවනයකලහැකි වෙබ්අඩවියේ[sinhalajukebox]කියාකාරී සාමාඡිකයකුවීමට ඇරයුම් ලැබීම. එම වකවානුවේලංකාවේසංගීතයනිපද වීම, බෙදාහැරිම, ප්‍රචාරය වගේ දේවල් බොහොම අතලොස්සක්  වෙලෙඳුන් අතරේ වෙන්කරගෙනයි තිබුනේ,නිකන් මාපියාවක්වගේ, ඔවුන්ට ඔන, කැමති,අය පමනයි සම්බන්ද කරගත්තේ.ගෙවීම් කටයුතුපවා කෙරුනේ දක්ෂතා අනුව නොවේ දැනඇදනුම්කම්උඩයි.අපිට උවමනා උනා  මේ ඒකාදීකාරයට පොඩි තර්ඡනයක් වෙන්න,මුලින්ම උවමනා උනේ ප්‍රචාර නාලිකා පැත්තෙන් මුලපුරන්න.මොකද ඒ දවස්වල ඒවායේ ප්‍රචාරය කලේ නිෂ්පාදකට, එහෙම 13585096_10157139625465029_4592690401250249344_o

(ඔබ මේවන කොට ඔබගේම ගීත 400 ක්  සංක්‍යවක් ඒලිදක්වා තියෙනවා වැඩිපුරම සහබාගී කරගෙන ඇත්තේ ආධුනික ශීල්පීන් , ඇයි ඒ.)

මට උවමනාවුනා මා වගේම විවිද හේතූන්මත  දකෂතා එලිදක්වන්ටඅවස්තාවක් නොලැබුන   අය සමග එකතුවෙලා මේලැබිතියන මහගු අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න.ඒතකොට අප විමසිලිවත් වෙනවානේ,ඉතින් ඔය අන්තරඡාල වෙබ් අඩවිවල යම්යම් නිර්මාන කල අයසමග කතාබසින් ඇතිවූ දැනඇදනුම් කමින් ඒ,ඒ අයගේ දකෂතා අනුව ආරාදනාකරලා සුදුසු නිර්මානයක් කරලා එලිදක්වන්නට.සමහර අය ආධුනිකයි කියලාකියනවාට නම් මම එතරම් ඒකග නෑ, මොකද, මේ අය මෙම නිර්මාන,රචනා,කවි වසර ගනන් කල් ඉදලා කරගන ඇවිල්ලා හොදපලපුරුද්දක් ඇති  ඇසූපිරූ දෑ ඇති අයයි,එකල ජීවනරටාවට අනුකූලව අරමම කිවුව මාපියාවට එකතුනොවූ හෝ ඇසනොගැසුනූනිසා අවස්තාවක් නොලද අයයි,ඉතින් සමහර නිර්මාන වල කිසිම ආදුනික බවක් දක්නට තිබුනේ නෑමට, එකක් නව පරපුරේ අය සමග පරන පරපුර එකතුවී වැඩ කීරීමේ අඩුපාඩුවක් ඇතිබව මට දැනුනා.ඔවුන්කරන ගොඩක්දේ විවේචනය කරනවා හැරුනම, ඉන් එහාට වැඩි යමක්කරන්න හිතලා තිබුනේ නෑ ඒ අය.අනික නව පරපුර තමා වැඩිපුරම නව තාක්ෂනයට හුරුවී, අන්තරඡාලය හරහා අපට හමුවන්නේ,දක්ෂතාවන් එලිදක්වන්නේ, අපිට දකින්න,ඊලග කාරනය තමයි යම්කිසි දෙයක් අනාගතයට ගෙනියන්නේ අද තරුන කැලයි    සමහර පදරචනා මාවිසින්ම ලියා ගන්නවා,නැතිනම් අන්රචකයකුට තේමාව පවසාලියවාගන්නවා,ඒහෙමත් නැතිනම්,ඒ අය රචනාකල තේමාවක් තෝරා ගන්නවා,ගීත සංකයාවනම් අපමනයි,කිහිපයක් නම් කලොත්,සුනාමී ගී ,ක්ලේෂ ආසාව,අපේම ජාතිය,හාමුදුරුවනේ,ඔබේ වීදියේ,හිත අසනීපෙන්,සිත්තරා,බත ඉදෙන තෙක්, එලිදුටු ගී 400 න්හෙන්ඉතා අතලොස්සක් පමනයි.ඒ සමගම මම විවිධ සංගීත ශෛලයන් අනුගමනය කර ගායනා කල ගී තිබෙනවා,සරල ශාෂ්ත්‍රිය ගී යේ සිට රොක්, පොක්, රැගේ,හා අන් වෙනත් සංගීත ක්‍රම සමග හින්දි හා ඉඃගීසි තනු කිහිපයකුත්ගායනාකර තිබෙනවා.,මම ගැයු ගීත සියල්ලම ගැයුවේ මට තිබුන ආසාවට මිසෙක සුපිරි තරුවක්වෙලා වේදිකාවේ නටලා රටවල සංචාරය කරලා මුදල් සොයන  අදසහකින්නොවේ.මට මගේ ගීකීමට තිබුන ආසාව සංසිඳවා ගැනීමට.හොද පදරචනාවක් ගීතයක් බවට පරිවර්තනය කර ගයා සමාඡයට මුදාහැරීමෙන් හා සැගවුනු නවකයකුට අතඳිමෙන් මාලබන මානසිකසුවය මුඳලට මිල කරන්න බෑ.නමුත්  ඒගී රස විඳිනට අවශ්‍යතාවය, උනන්දුව දක්වන රසිකයන් ඇතොත් කිසිම පැකිලීමක් නැතිව ඒම නිර්මාන ඔවුන්ගේ රසවින්දනය සඳහා ලබාදෙනවා නොමිලේම, දැනටමත් අප නිෂ්පාදනය කල සංයුත තැටි සියල්ලම විවිධ මාධ්‍යන් තුලින් ඒලි දක්වා තියෙනවා අවශය්‍ය අයගේ රසවින්දනයට,නොමිලේම.

ගීගැයීම මගේ ආදායම් මාර්ගය නෙවේ, 12096110_1936109019947466_891007984783615278_nමට රැකියාවක් තියෙනවා,පූහුනුවූ ශේෂ්ත්‍රයක් තියනවා.ඒ නිසා සිංඳු පැකේඡ් කරලා, රීංටෝන් දීලා මුඳල් උපයීමට කිසිකලක උනන්ඳු,වූයේ නෑ.මගේ ගී දෙක තුනක් රීංටෝන් දීලා තියෙනවා නමුත් ඒ රචකයා ගේ හෝ සංගීත වේදියාගේ  ඉල්ලීමට ගරුකිරීමක්හැටියට., සුනාමී ගීතයෙන් පසු ආචාරය විකුම්පිය මහතා අදහස් කලා ගී කිහිපයක් කරමු කියා ඉතින් මම මගේ සහෝදර,ප්‍රවීන සංගීත ශිල්පී රෝහාන් ඡයවර්ධනවත් එකතුකරගෙන ගී දොලහක්  පටිගත කරගත්තා, මෙහෙ ශබ්දාගාරයක. ඉතාම පල පුරුදු තිබු  බිතානය සුදුජාතික ජේප්රි බෝල්ටාස්තමා ගොඩක් තාක්ෂනික කටයුතු කලේ ඔවුන්ට අපේ සංගීත සැකසුම් හා සබ්ද අලුත් අත්දැකීමක් උනා.හරිඋනන්දුවකින් තමා ඔවුන් ඒ කටයුත්ත කලේ.ලංකාවේ සංගීත ශිල්පීන් ඒ දිනවල අපිට අද තරම් ඕස්ට්‍රේලියාවේ සොයාගැනීමට නොහැකිවූ නිසා තබ්ලා ව හැරුනුවිටක අනිත් සියලුම වාද්‍යයබාන්ඩ හා නාදරටා සංකලනය කලේ මල්ලී, රෝහාන්.මට මතකයි ඒ තැටිගත කිරීමේ ඉංඡිනේරු මාලගට ඇවිත් කියනවා අදතමයි මම හරි වාඳ්‍යබාන්ඬ වල සබ්දරසය ඇහුවේ/දැනුනේ, හරිලස්සනය්,මෙ දවස දක්වා ගිටාර තුනය් ඩ්‍රරම් සෙට් ඒකයි ගහනවා අහන් ඉදලා ඇතිවෙල අපි සිටියේ,මම අද වැඩ ඉවරවුන ගමන් මගේ බිරිඳව ශබ්දාගාරයට කැඳවාගෙන ඇවිත් මේ සියලුම ගීත ඇයට රසවිඳින්න ඉඩ සලසා දෙනවා කියා.එම සංගීත පට වලට හඩ, මම මගේ ශබ්දාගාරයේදී පසු දිනක මුසුකර ගීත සම්පුර්න කර ගත්තා.ඉතින් අප මේ ගීත බැලුවා ලංකාවේ ඒ දවස්වල සංගීත නිෂ් පාදනයේ යෙදිසිටි වෙලඳුන් කීප දෙනකුටම ඉදිරිපත්කර වෙලදපලට මුදාහරින්න, නමුත්  කිසි ප්‍රතිචාරයක් ලැබුනේනෑ, විවේචන තමයි ලැබුනඉදිරියේදි බලාපොරොත්තුවෙනවා නව තේමාවන් යටතේ ලියවුනු, හා යම් සාමාඡික ප්‍රශ්න මුල්කර ලියවුනු ගීත කීපයක් ඇතුලත් තැටි කිහිපයක් මුදා හරින්නට.
දේශමාන්‍ය නලින් ජයවර්ධනයන් ට තානායම්පල සමුහජාලයේ  අපේ සුබ පැතුම්

සටහන -චාමින්ද දිසානායක 

වලව මිටියාවත මාධ්‍යවේදින්ගේ සංගමයේ 23 වන සමුලුවේ -සුලමුල

September 3, 2016

වලව මිටියාවත මාධ්‍යෙව්දින්ගේ සංගමයේ 23 වන සාංවත්සරික සභාව සැප්තැම්බර් 3 වන දින බලංගොඩ  කිරිමැටිතැන්න සේනක සමුහව්‍යාපාර ආයතනයේදි පැවැත්විනි - ජනමාධ්‍ය නියෝජ්‍ය...

Read More »

ජනපති හැකර්ලා කොටු වුන හැටි

August 31, 2016

14194369_637792006379112_1946152454_n (සටහන -ධර්මරත්න බළංගොඩ_පිංතුරය අන්තර්ජාලය ඇසුරෙනි) ජනපති වෙබ් අඩවිය හැක් කරද්දී ලෝකල්...

Read More »

සම ලිංගික අයිතිය පිලිගැනිමට ලංකාවේත් අවධානය

June 18, 2016

Captureසමලිංගිකයන්ට රාජ්‍ය අනුග්‍රහය, අයිතීන් ලබාදිම සදහා කටයුතු කල යුතු...

Read More »

12666311_700672126733916_1096162922_n “මම නම් නිකා හිටියේ නෑ .මට බැහැ කාර් පහක්...

Read More »

Capture ( සටහන -චාමින්ද දිසානායක) සයුරෙන් එතර විරියෙන් දිවිමග ජයගත් කාන්තාවන්...

Read More »

තමන්ගෙ උපන් බිමෙන් Captureසැතපුම් සිය දහස් ගානක් එපිට ඉස්ලාම්...

Read More »

මහවලතැන්න දිසාව 4 වන ‍කොටස

June 27, 2016

    1 කාන්තාවන් ට නොහොඹිනා බලපෑම් කිර්ම නිසා මහවලතැන්න මහා දිසාවේ...

Read More »

මහවලතැන්න මහා දිසාව -3 වන කොටස

June 18, 2016

Capture මහාවලතැන්න චන්ද්‍රසේකර වික්‍රමසිංහ සෙනවිරක්න දසනායක බණ්ඩාර මහාවාසල මුදියන්සේ රාලහාමින්ලාගේ...

Read More »

රැවන්වැලි මහා සෑයේ පිපුරැම් හතරක්

June 13, 2016

13434832_139436096464943_7513372832531482501_n 2016 ජුනි 8 වෙනි දින මා විසින් සිදු කරන...

Read More »