එංගලංතයේ කඩමණ්ඩිය ගෙනා අපේ ඇත්තෝ

  • DSC08075
    නෝනාවරුනි, මහත්වරුනි මේ කදුරුවෙල හන්දිය නොවේ,
    එංගලන්තයේ ලීඩ්ස් අපේ අය මවපු අපේම කඩමන්ඩියක්. උපන් බිමෙන්
    සැතපුම් දහස් ගණනාවක් ඈත එන්ගලන්තයේ ජිවත් වෙන ලංකික
    සම්භවයක් ඇති සියලුදෙනාවම එක්ව හිතන්නට පුලුවන් තේමාවක්
    මත ලීඩ්ස් කඩමණ්ඩිය සාජ්ජය පසුගියදා මෙලෙස කරලියට13406947_1721870458083622_5280387193708822560_n
    පිවිසුණා.ඒ පිලිබදව එතර සිරිකත මේ සුන්දර සැදැව ආවරණය
    කලෙමු .
    ජනමාධයවේදියෙකු ලෙස කාලයක් ගුවන්විදුලියේ සහ රුපවහිණියට
    සම්භන්දව කටුයතු කල සමන් මිල්රෝයි ප්‍රමුඛ ලීඩ්ස් ප්‍රදේශයේ
    ජීවත්වෙන ශ්‍රි ලාංකික තරුණ පිරිස් විසින් මේ අගනා කලා කටයුත්ත
    ඉතා උසස් ලෙස සංවිධානය කොට තිබුනි. ලංකාවේ පිටිසර ගමක පැරණි
    කඩමන්ඩියක් ඉතා අලංකාර ලෙස ඉදිකොට, අපේ පැරණි ගීත සමුච්චියක්
    ලීඩ්ස් අවට ඉන්න ගායනට දක්ෂ ගායකයන් විශාල පිරිසක් ගිත
    ගායනා කල අතර. ගායකයින් තිස්පස්දෙනෙකුගේ කටහඩවල්වලින් ගීත 13406977_1721870781416923_8785009567320034952_n 13428639_1721871231416878_1946202112911197866_n 13445694_1721871391416862_1559855373487362253_n
    ගායනා කලහැකි අතීදක්ෂ ගායක නිලන්තසිරි පතිරණගේ ගී හඩින්
    කඩමණ්ඩිය තවත් අලංකාර විය . ලාංකිකයින් එකමුතු කිරීම තම
    මුලික අරමුණක් කරගත්තු, අපේ ගීත වලට , අපේ කමට මුල්තැනක්
    දෙන උතුරු එංගලන්තයේ එකම ශ්‍රි ලාංකීය සංගීත කණ්ඩායම
    RHYTHM (LK ) BROTHERS ලා ගමේ සාජ්ජෙට පැරණි ගී ගොන්නක් ගායනා
    කලහ .සමන් මිල්රෝයි, ශිරන් වඩුගේ , රවින්ද්‍ර කුමාර් සහ ශිවන්ක
    සෙනරත් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ලෙස ඉතා උසස් සංගීත
    වැඩසටහනක් ඉදිරිපත්කලහ . පළපුරුදු නිවේදක සමන් මිල්රෝයි ගැමි
    භාෂාවෙන් වැඩසටහන ඉදිරිපත් කිරීම සාජ්ජෙට එක් කලේ සුවිශේෂි
    අභිමානයකි. ජාත්‍යන්තර තල13413506_1721867344750600_2503354183605914827_nයේ අත්දැකීම් බහුල සුපවේදී රාජා13450046_1721868628083805_8660852905540972215_n
    මහත්තයා ගමේ විදිහට සුදානම් කල ගමේ වෑංජන කෙසෙල් කොලයට
    බෙදලා රසවිදපු හැමෝම කිව්වේ මෙහෙම රසට ගමෙදිවත් කෑම රස
    විදලා නෑ කියලයි. ලංකාවේදී අපි ලබපු සොදුරු අත්දැකීම් නැවත
    අත්විදින්න අවස්ථාවක් උදාකරපු සංවිධායක මංගලයට හැමෝගේම13450721_1721868798083788_443129437803005698_n
    සතුට පලකෙරුනි . සංවිධායක මඩුල්ල , සමන් මිල්රෝයි, රවින්ද්ර
    කුමාර, ශාලින්ද පණ්ඩිතරත්න, අමල් සිල්වා, කාංචන දොන් සහ චානක
    මුදලි. ලංකාවේදී ලැබුණු රසවත් මතකය මේ විදිහට අලුත්කරගන්න
    ලැබීම හැමෝගේම ප්‍රශංසාවට ලක්වුණා. ශ්‍රි ලාංකික පසුබිමකින් එන
    හැමෝටම සාමයෙන් සමගියෙන් එංගලන්තේ ජීවත් වෙන්න මෙවැනි
    කාලාත්මක කටයුතු උදවු වෙනවා නොඅනුමානයි.අපේ කම සයුරෙන්
    එතර විරාජිත කල සැමට සිරිකත සුබ පතමු .

චාමින්ද දිසානායක(3016/6/20 සිරිකත
පුවත්පත)

13435465_1721867624750572_1488626712805555626_n

13450722_1721869488083719_7987863987790470237_n
13450909_1721867431417258_7823209001372277459_n13450708_1721870054750329_6811896642762026498_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *