දරැවන් රැක ගැණුමට -වැලිකතරේ දුක්විදින උපාධිදාරිනිය

13686609_1664167243907708_8594966787737703482_n

අතුරිගිරියේ සුන්දර ගම්පියසක ජම්මලද ඇය අතුරැගිරිය මහා විදුහලෙන් හා බෝබිරිය මහා විදුහලෙන් උසස් අධයාපනය ලැබිය . ඉන්පසුව ජයවර්ධන පුර සරසවියෙන් භාහිර උපාධිය සමත් වි රැකියාවක් ගැන නොසිතා විවාහ වි සිය ස්වාමියාගේ ව්‍යාපාරික කටයුතු වලට සහයෝගය දැක්විය.
ආදරනිය ස්වාමියාගේ හා සිගිති පුතුන් දෙදෙනාගේ සෙනෙහස විදිමින් සොදුරැ ජිවිතයක් ගත කල නිල්මිණි ඉරෝෂණි කුමාරි ට විදේස් රැකියාවක ට ඒ මට සිදුවුයේ දෛවයේ අකාරැණිකත්වය හේතුවෙනි.
“දරැවන් දෙන්නත් එක්ක අපි සතුටින් ජිවත් වුනා . මමත් දරැවන්ගේ කටයුතු බලන අතරම මගේ මහත්මයාගේ ව්‍යාපාරික කටයුතු වලට උදව් වුනා . ඒත් හදිසියේම මගේ මහත්තයා මාවයි දරැවන් දෙන්නයි අත ඇර මේ ලෝකයෙන් සමුගත්තු නිසා සියල්ලම වෙනස් වුනා. මම ගෙදර ට අකිකරැව විවාහ වුන එකක් මගේ ජිවිතයට බලපෑවා”
13906802_1674202116237554_5442367061667387450_n

ඒ වනවිටත් ප්‍රදේශයේ කිර්තිමත් ව්‍යාපාරිකයකු ව සිටි ඇයගේ ස්වාමියා සිය ව්‍යාපාරය සදහා ලබා ගත් ණය මුදල් ගණනාවකම බර ඇයගේ කරපිටම වැටිනි . ණය කරැවන් ඇගේ නිවසේ බඩුභාණ්ඩ පවා රැගෙන යාමේ තැනටම පත්විය . සිය රතවාහන පිනෑන්ස් ආයතන වලින් රැගෙන ගියහ . සියල්ල අවසන ඇයට කර කියා ගැනිමට දෙයක් ඉතිරි නොවිය .
“මහත්තයා කරන් ගිය ව්‍යාපාර මට කරන් යන්න බැහැ. තිබුන දේවල් ණය කරැවන් රැගෙන යනවා . තව අය ණය මුදල් ඉල්ලල නිවසට එනවා .අවසානයේදි තිබුන ගෙයයි ඉඩමයි ලක්ෂ 14 කට බැංකුවට උගස් තියල ණය මුදල් පියෙව්වා .ඒත් දරැවෝ දෙන්න ජිවත් කරන්න ඕනි නිසා මම ප්‍රෙමන්ට් එකේ පලතුරැ විකුණුවා .ඒත් වැඩි ආදායමක් නැහැ . බැංකුවට උකස් කළ නිවස කොයි මොහෝතේ සින්න වෙලා අපිට මහාමගට බහින්න සිද්ද වෙයිද කියන අභියෝගය මගේ පපුවේ තිබුනා .ඒ නිසා මම දරැවෝ මගේ අක්කා ගේ සෙවනට දිල මැදපෙරදිග රැකියාවකට එන්න තිරණය කලා”
13516195_1657574221233677_2714950064746507841_n
ඒ අනුව ඇය ‍ඩුබායි රාජ්‍යයේ රැකියාවකට පැමිනියේ මිට වසර දෙකක ට පමණ ඉහතදියි . මැදපෙරදිග රටක කාන්තාවකට ගෘහ සේවය උරැම වුවද ඇය ලද අධ්‍යාපන සුදුසුකම් අනුව ඇයට දිවා සුරකුම් මධ්‍යස්තානයක රැකියාවක් ලැබිම ඇය ලද වාසනාවක් බව ඇය පැවැසිය.
“පුංචි පුතාල දෙන්න තනිකරල මේ රටට පැමිනි දිනවල මගේ හිත ට දැණුන වේදනාව වචනයෙන් විස්තර කරන්න අමාරැයි . මට රැකියාව කරන්න ලැබුනෙත් පුංචි දරැවන් සමගයි . ඒ දරැවෝ ගැටෙන සෑම විටම ලංකාවේ මගේ පුතාල දෙන්න මතක් වෙලා මම හිතින් අඩා වැටෙනවා .ඒත් මම ආපු අරමුන ගැන නිතරම හිතට අරගෙන සියලුම වේදනාවන් දරා ගත්තා .ගෙදරක දරැවන් බලා ගන්නවටත් වඩා සංකිරණයි වගකිම් වැඩියි දිවා සුරකුම් මධ්‍යස්ථානයක සේවය කිරිම අප භාරයට පත්කරන සියලුම දරැවන්ගේ මානුෂිකත්වය රැචි අරැචිකම් එයාලගේ සෞඛ්‍ය තත්වය මේ සියල්ලම ගැන හොද අවබොදයක් වගේම මේ රටේ පවතින නිති රාමු ගැනත් අවබෝදයක් තියාගන්න ඕනි . හැබැයි කිසිදු අවස්තාවක මටනම් ස්වාමි වරැන්ගෙන් බලපෑම් තාඩන පිඩන ආවේ නැහැ. මගේ වගකිම මම හරි ආකාරව ඉටු කරනවනේ .අපි විදේශ් රටකට ආවට පස්සේ කාන්තාවන්ට වරදින්න බලපාන ලොකුම හේතුව තමයි අනියම් සබදතා ගොඩනගා ගැනිම .තනිවුන කාන්තාවක ට එවැනි යෝජනා ඒම සාමාන්‍ය දෙයක් නමුත් බුද්ධිමත් ම තමන් පැමිනිය අරමුන ආත්ම ගරැත්වය ට තැන දිල සේවය නිසි ආකාරයෙන් ඉටුකලහොත් වරදින්නේ නැ . මම වැඩ කරන ආයතනයේ උසස් විම් පවා මට ලැබුනා. “
13320009_1640213256303107_8416563171450890758_n

සියල්ල අහිමිව විදේශ් ගත වුන නිල්මිණි අද වන විට සිය අරමුනු සාර්තකව ජයගත් බව සිරිකත පැවසුවේ ඉහමත් ආඩම්බරයෙනි.
“මේ රටේ විවිධ ගැටලු වලට මුහුන දි සිටින කාන්තාවන් ගැන මට අහන්න ලැබෙනවා . සමහර අය ජිවිතය ජය ගන්නවා .සමහර අය පරදිනවා .පවුල් ජිවිත විනාශ කරගන්නවා . නමුත් මට මගේ ආත්ම ගරැත්වයත් ආරක්ෂා කරගනිමින් මේ අවුරැදු දෙක තුල ජිවිතය ජය ගන්න හැකි වුනා . මගේ සින්න විමට ගිය ගේ දොර බේරගත්තා .මගේ දරැවෝ දෙන්නගේ අධ්‍යාපනය වෙනුවෙන් හා අපි තුන් දෙනාගේම මතු දියුණුව වෙනුවෙන් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කිරිමට හැකි වුනා .ඉතින් මම ඉක්මණින්ම ලංකාවට ඇවිදින් මගේ දරැවෝ දෙන්න සමග ලෝකය ගොඩනගනවා .ඒ වගේම විදේශ් රට තුල සිටියදි විදේශ් ලක්ධන සංවිධානය හා සම්බන්ධ වි විදේශ්ගත වි අසරණ වුන සහෝදර සහෝදරියන් වෙනුවෙනුත් මෙහෙවරක් කිරිමට ලැබිම ගැනත් මා සතුටු වෙනවා. ඒ වගේම මගේ අදහස තමයි කාන්තාව විදේශ්ගත නොවි ලංකාව තුලම කාන්තාවට සුදුසු රැකියාවන් නිර්මානය වනවනම් හොදයි කියන  දෙය බලධාරින් ඒ ගැන අවධානය යොමු කරනවානම් කාන්තාව විදේශ් ගත වෙලා දුක් විදින තත්වයට පත් වන්නේ නැ “
ධිරියෙන් දිවි මග ජයගත් ඇය ට සිරිකත සුබ පතමු –
සටහන -චාමින්ද දිසානායක(අගොස්තු 1 සිරිකත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *