පංසලේ බණ කියන කෝවිලේ ස්වාමි ජි

2
“මල්පැලේ උපන් පන්සලේ පියතුමා”ලෙස අරැත් ගැනුනේ ගරැ මර්සලින් ජයකොඩි පියතුමාණන් ය. එකි අරැත් කතනය තව දුරටත් ප්‍රායෝගික වෙමින් බෞද්ධ හිංදු සංහිදියාව ඇති කිරිමට පොරෝගාමි නායකත්වයක් සලසන හිංදු කොවිලක ප්‍රධාන පුජක වරයකු හමුවුයේ බලංගොඩ තුඹගොඩ සුදර්ශනාරාම විහාරස්තානයේදි ය. බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ සභාපති ඉඹුල්පේ විජිතවංශ හිමියන් විසින් හා බලංගොඩ පොලිසියේ මහජන සම්බන්ධතා නිලධාරි ඉරෝෂන් ජයසේකර මහතා විසින් මේ පිලිබදව තතු “ලංකාදිපය “ට සමිප කළේ ය.
4

“මේ ස්වාමි සුවිශේෂයි. බෞද්ධ ආගම ගැන හොද දැණුමක් වගේ ම ‍ජනතාවට හොදින් අවබෝධ කර දිමේ හැකියාවකුත් තියනවා. එක වරක් ස්වාමි මට ඇවිත් කිවා මහන වෙන්න ඕනි කියල මමයි කිවේ ඔබතුමා මහන වෙන්න එපා . බෞද්ධ හිංදු සංහිදියාව රටට දෙන්න ඔබතුමා හිංදු පුජකත්වයේම ඉන්න ඕනි කියල , ටිකක් ඉන්නකෝ මම ස්වාමිට කොල් එකක් දෙන්නම් ස්වාමි එයි. එතකොට ස්වාමිගෙන් ම වැඩි විස්තර දැනගන්න පුලුවන් වෙයි” විජිතවංශ හිමියෝ පැවැසිය.
විජිතවංශ හිමියන්ගේ දුරකතන ඇමතුමෙන් පැය භාගයකට පමන පසුව බලංගොඩ පින්නවල මුත්තුමාරි අම්මාන් කෝවිලේ ප්‍රධාන පුජක ඉලංචුඩ මශේවර ෂර්මා ස්වාමිතුමා පැමිනියේ ය.
බලංගොඩ පුරවරයේම උපත ලද මහේෂ්වර ස්වාමිගේ කුඩා වියේදි ම පිය සෙනෙහස අහිමි විය . ඉන්ඉක්බිති පවුලේ දරිද්‍රතාවයත් සමග නැගුන පිඩනයෙන් ගිහි ජිවිතය පිලිබදව කලකිරිමට ලක්විය. ඒ අනුව සිය ඇසුපිරැ සමාජ සබදතාවයත් සමග ඉන්දියාවට ගොසින් හිංදු ආගමේ පැවිදි දිවියට පත් වුනේ වසර හතේදි ය.
“පැවිදි වුනාට පසුව මම ලංකාවට ඇවිදින් බලංගොඩ හිංදු විදුහලේ සාමන්‍ය පෙල දක්වා අධ්‍යාපනය ලැබුවා. එතනින් එහාට මම අධ්‍යාපනය ලැබුවේ නැත්තේ මම පැවිදි කෙනෙක් නිසා වැඩිදුර වෘත්තිය දැණුම හදාරල මට රැකියාවක් කිරිමේ ඇවැසි තාවයක් නැති නිසයි. ඊට පසුව කලක් ජනතාවගෙන් ඈත් වෙලා තිබුන පින්නවල කෝවිලේ ප්‍රධාන පුජකත්වය මට ලැබුන . එයිට පසුව තමයි මගේ සමාජ මෙහෙවර මම පටන් ගත්තේ” ස්වාමි ජි පැවැසිය.
13061921_1538595229778481_8630572854074774525_n

හිංදු ආගම, හිංදු දර්ශනය, හිංදු සංස්කෘතිය හොදින් හැදෑරැව ස්වාමි වරයා බුදු දහම  කෙරෙහි යොමු වුන ආකාරය පිලිබදව සදහන් කලේ මේ අයුරැනි.
“හිංදු ආගමේ භගවත් ගිතාව පොත මම හොදින් පරිශිලනය කලා. එහි එක තැනක සදහන් වෙනවා බුදු කෙනෙකු ගැන . විශ්ණුගේ අවතාර 10 න් එකක් ලෙස බුදු රජාණන් වහන්සේ ගැන සදහන් වෙනවා .මේ ලෝකයට පහල වන බුදු කෙනා උසස් කුල වන්තයෙක් ඒ කුල වන්තයා ලෙස විශ්ණු දෙවියන්ගේ අවතාර 10 න් එකක් ලෙස බුදු රජාණන් වහන්සේ ලෝකයට පහල වන අදහස භගවත් ගිතාවේ තිබුනා. එයින් පසුව මට බුද්ධාගමේ ධම්ම පදය පොත කියවිමට අවස්තාව ලැබුනා . එහි තිබුන කරැණු කාරනායි හිංදු ආගමේ මා ඉගන ගත් කරැණු කාරණා අතරයි සුවිසාල සමාන කමක් දුටුවා . ඒ අනුව මම තව දුරටත් බුද්ධ දර්ශනය ,බුද්ධ සංස්කෘතිය ඉගන ගත්තා .මම ජිවත් වුන පරිසරයේ හිංදු වගේ ම වැඩි පිරිසක් ඇසුරැ කරන්න ලැබුනේ සිංහල බෞද්ධ අය ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් මගේ මිතුරන් වුනා . ඒ ආභාෂයත් එක්ක මම තේරැම් ගත්තා සිංහල හිංදු සංහිදියාවට හොදම ක්‍රමවේදය මගෙන් පටන් ගන්න ඕනි කියල .ඔය වෙනකොට කිතුනු මුලධර්ම වාදින් රාශියක් වතුකරයේ ජනතාව නතු කරගනිමින් හිටියා . මම ඒ වෙනුවෙන් බෞද්ධ ස්වාමින් වහන්සේලා , කිතුනු පුජකතුමන්ලා,මුස්ලින් ආගමේ පුජකතුමන්ලා ඒකරාශි කරගෙන සුවිශාල සටනක් කර මුලාධර්ම වාදින්ගෙන් වතු ජනතාව මුදවා ගත්තා”
1

ස්වාමි ජි තුමාගේ මෙහෙය විම මත සිය කෝවිලේ හිංදු  දහම්පාසැලක් හා පෙර පාසලක් ආරම්භ කිරිමෙන් පසුව එම පාසැල් තුලින් හිංදු දහම සේම බුදු දහම පිලිබදවත් කියා දිමට හෙතෙම කටයුතු කලේය. ස්වාමිගේ ක්‍රියා කලාපය නිවැරිදිව තේරැම් ගත් ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සිය විහාරස්තාන වල ධර්ම දේශනා වලටත් කැදවා ගත්හ. ප්‍රදේශයේ සිංහල බෞද්ධ දායකයන් ද මේ වන විට සිය නිවැස් වල හත් දින ධර්ම දේශනා වලට සේම දානමය පිංකම් සදහා බෞද්ධ භික්ෂුන් වහන්සේලා ට සේම ස්වාමි ට ආරාධනා කිරිමද සිදුවන්නේය . මේ සංහිදියා හැරවුම් ලක්ෂ්‍යක් සමග ස්වාමිට සමාජයෙන් සිදු වුන බාදක අභියෝගද සුලු පටු නොවේ.
2

“මට හුගාක් කරදර වුනේ බෞද්ධ ජනතාවගෙන් නොවේ . හිංදු ද්‍රවිඩ ජනතාවගෙන්මයි .මට ආරාධනා ලැබෙන විහාරස්තාන වල ශිලමය පිංකම් සදහා මම ගිහින් ධර්ම දේශනා පවත්වනවා විහාරයේ නායක හාමුදුරැවෝ පංච ශිලයේ පිහිට වුවාට පස්සේ මම පැය දෙකක් විතර ධර්ම දේශනා කරනවා . බෞද්ධ නිවැස් වල ආගමික වතාවත් තියන කොට විහාරස්තානයේ නායක හාමුදුරැවොම ඒ දායකයන් ට කියනවා ස්වාමි ට ත් කියන්න කියල .හත්දින මතක ධර්ම දේශනා වලට නායක හිමියන් මටත් ආරාධනා කරනවා .මගේ කෝවිලෙත් බුදු කුටියක් හදල තියනවා . බෞද්ධ හිංදු ජනතාව වැදුම් පිදුම් කරනවා . ඇතැම් හිංදු පුජක වරැ මට කිවා දැන් කෝවිලත් පංසලක් කරගෙන කියල . කලක් මුලාධර්ම වාදි ග්‍රහනයට අහුවෙලා තිබුන ප්‍රදේශයේ හිංදු ජනතාව මම බුදු දහමත් සමග යන නිසා කෝවිලෙන් ඈත් වෙන්න පටන් ගත්තා. මට ජිවිත තර්ජන ආවා. හිංදු ජනතාව මට දානේ නොදි මග ඇරියා .ඒත් ඒ සෑම අවස්තාවකදිම බෞද්ධ භික්ෂුන් වහන්සේලා වගේ ම බෞද්ධ ජනතාව මාව ආරක්ෂා කර ගත්තා .එල්ල වුන පිඩනයෙන් මට බේරෙන්න බැරි තැන මම තුඹ‍ගොඩ පංසලේ විජිතවංශ හාමුදරැවන්ගෙන් පැවිදි විමටත් අවසර ඉල්ලුවා. ඒත් උන් වහන්සේ මට කිවා ස්වාමි පැවිදි වෙන්න එපා මේ සංහිදියාව වර්ධනය කරන්න ඔබතුමා හිංදු ආගමේ ම ඉන්න ඕනි කියල . ඒ ලැබුන ශත්තියත් සමග අද මට සුවිසාල වැඩ කොටසක් කරන්න පුලුවන් වෙලා තියනවා .සබරගමුපලාතේ සර්ව ආගමික සමුලුවේ නායකත්වයත් මට හිමි වුනා . ඉතින් අපේ බෞද්ධ හිංදු දෙපිරිසටම විශාල සේවාවක් කිරිමට මට දැන් ශත්තිය තියනවා . ”
සටහන හා පිංතුර චාමින්ද දිසානායක(ජුනි 26 ඉරිදා ලංකාදිප)
(ස්වාමි ජි ගේ විශේෂ සාක්ච්චාවක් ලගදිම තානායම්පල රේඩියෝවෙන් බලාපොරොත්තු වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *