පිංතුර කලාවේ ලොව නම රැන්දු බලංගොඩ ගුණරත්න ස්ටුඩියෝ

Capture
ලොව  මුල්ම කැමරාවේ සිට නුතන අධිතාක්ෂිණික කැමරාව දක්වාම උපකරන තිබෙන සිරිලක ජායාරෑප ශාලාවක් වේනම් ඒ බලන්ගොඩ තානායම් පිවිසුම් පාරේ අංක 20 දරන ස්ථානයේ පිහිටි ගුණරත්න ස්ටුඩියෝ ආයතනයම පමනි. අතිතයේ සිට නුතනය දක්වාම එකි සියලුම කැමරා උපකරන එම ආයතනයේම පාවිචිචි කල ඒවා වෙති. පුරා දශක අටකට වැඩි කාලයක් සිය පරපුරෙන් රැගෙන ආ මේ ජායාරැපාගාරය පිලිබදව එහි නුතන හිමිකරැ ලක්ප්‍රිය  ගුණරත්න මහතා සිරිකතට සම්බන්ධ කර ගත්තෙමු.

1,1

“මගේ සියා ‍ජේ කෝබ් ගුණරත්න තමයි 1930 වසරේදි මුලින්ම මේ  පළාතට  කැමරාවක් ගෙනාවේ ඔහු වෘතියෙන් වතු ටි මේකර් කෙනෙක් ඒත් ඔහුට ජායාරැප කරනය පිලිබදව හොද හැකියාවක් පුහුණුවක් තිබිල තියනවා ,එලිමහන් කලු සුදු පිංතුර තමයි අරන් තියෙන්නේ වතු ආශිත සුද්දන්ගේ මුද්‍රණ කටයුතුත් නිවසේම කර තියනවා .එයිට පසුව 1958 වසරේදි සියාගෙන් පිංතුර කලාව ඉගන ගත්තු මගේ තාත්තා ජෝර්ජ් ගුණරත්නත් බාප්පා සේවියර් ගුණරත්නත් “ගුණරත්න ස‍හෝදරයෝ නමින් ස්ටුඩිය පටන් අරන් 1961 වසරේදි මේ දැන් තියන ස්ථානයට ස්ටුඩියෝ එක ගෙනාවා. 1980 ඉදල 2000 වසර වෙනකම් මගේ තව බාප්ප කෙනෙක් වුන නෙල්සන් ගුණරත්න මහතාත් මේ ස්ටුඩියෝ එක පවත්ව ගෙන ආවා.2002 වසරේ මගේ පියා නැති විමෙන් පසුව “ගුණරත්න ස්ටුඩියෝ නමින් මගේ අයිතියට මේ ස්ටුඩියෝ එක පැවරැනා” ලක්ප්‍රිය ගුණරත්න මහතා කිය.
234

පාරම්පරික අත්දැකිමේ ඥ්ණය සේම කලින් කලට එන සියලුම ක්‍රිමවේදයන් න්‍යායාත්මකවම හදරා ඇති ලක්ප්‍රිය ගුණරත්න ජායාරෑප කරණය පිලිබදව ලාල් හෑගොඩ මහාතගෙනුත් පිංතුර සංස්කරණය පිලිබදව ඉන්දුනාත් තෙනුවර මහතාගෙනුත් පාඨමාලාවන් හදාරා තිබේ. වර්තමානය වන විට කලු සුදු වර්ණ ඩිජිටල් ජායාරෑප කරනය පිලිබදව දිගු පාරම්පරික දෑනුමත් සමග සිටින ලංකාවේ එකම ජායාරෑප ශිල්පියා ලෙස නමක් දිනා සිටින ලක්ප්‍රිය ගුණරත්න මහතා සිය පවුලේ උදවිය හා සේවක පිරිස සමග පවත්වාගෙන යන ජායාරෑපාගාරය පිලිබදව සදහන් කලේ මෙවැනි අදහසකි.
5

“මගේ පරම්පරාව ජායාරෑප ශිල්පින් වුනාට මාව ජායාරෑප ශිල්පියෙකු කරවිමට උනන්දුව දැක්වුවේ මගේ අම්මා .ඇය විශ්‍රාමික හෙද නිලධාරිනියක් ලෙස මේ ස්ටුඩියෝවේම මට ශත්තියක් වෙනවා . ඒක විශේෂයෙන් සදහන් කරන්න ඕනි. ලෝකයේ මුල්ම කැමරාවේ සිට එදා මෙදා තුර සියලුම කැමරා වර්ග කාච මා සතුව තියනවා .ඒ සියලුම භාණ්ඩ තත්වයෙන් උසස් වෘත්තිය මට්ටමේ කැමරා ලංකාවේ කිසිම ජායාරෑප ශිල්පියෙක් ලගවත් ස්ටුඩියෝ එකකවත් මේ කැමරා ප්‍රමාණය නැහැ. මේ සියලුම කැමරා අපේ පරම්පරාව පාවිච්චි කල ඒවා .ඒ වගේ ම 1800 ගණන් වල නිශ්පාදිත කැමරාවේ සිට සියලුම පැරණි කැමරා වල පිංතුර ගැනිමේ හැකියාව තාමත් ඒ වගේම තියනවා .ලංකාවේ දැනට පාරම්පරික ඉතිහාසය තිබෙන එකම ජායාරෑපා ගාරය ලෙස ඒ විස්වාසය එදා වගේ ම සුරකිමට අපි කටයුතු කරනවා.  වර්තමානයේ නිපොන් සමාගම නිශ්පාදනය කල හොදම වෘත්තිය මට්ටමේ කැමරාවත් මා සතුව තියනවා  මංගල ජායාරෑප කරණයට අපේ ආයතනය විශේෂ අවධානය එදා සිටම තියනවා. එලිමහන් දියයට ගුවන් ඒ සියලුම තාක්ෂණයත් එක්ක සදානොමැතෙන මංගල සිහිවටනයක් අප ලබා දෙනවා .වර්ණ කලු සුදු සියලුම මුද්‍රණ කටයුතුත් අප විසින් ම කරනවා .මගේ අම්මා සහ බිරිදගේ සහයෝගයෙන් පවත්වගෙන යන අපේ ස්ටුඩියෝ සේවය කරන කාර්්‍ය මණ්ඩලයත් ජායාරෑප කරනය හා සංස්කරණය ගැන ඉහලම සුදුසු කම් සපුරා ඇති පිරිසක් තමයි ඉන්නේ .ඒ වගේම වේලිඔය නගරයේ අපේ තවත් ශාකාවකුත් පටන් ගත්තා ”
එදා මෙදාතුර ගුණරත්න ස්ටුඩි‍යෝ ආයතනයෙන් බිහි වුන ගෝලබාලයන් පිරිසද සුලු පටු නොවේ .මේ වන විට පාසැල් මට්ටමින් නොමිලේ ජායාරැප පාඨමාලවන් ආරම්බ කිරිමේ කටයුත්තකටත් සුදානම් වෙමින් පවති . ස්ටුඩියෝවන් වන සේවාවට අමතරව ජායාරෑප කරනය කැමරාකරනය පිලිබදව උනන්දුව දක්වන අයට ගුණරත්න ස්ටුඩියොව සතු ලංකාවේ එදා මෙදාතුර සියලුම කැමරා වර්ග නැරඹිමටද පහසු කම් සලසා තිබේ . යුග යුග තෙවැනි ඇසේ මතක සටහන් මතුපරපුරට දායාද කරන ගුණරත්න ස්ටුඩියෝ පවුලට සිරිකත සුබ පතමු
දුරකතන අංකය-0452288370
පිංතුර හා සටහන -චාමින්ද දිසානායක(ජුනි 26 සිරිකත පුවත්පත)
67

Leave a Reply

Your email address will not be published. Required fields are marked *