පිපාසිත පිටකන්දේ පිපාසාව නිවන සිංහ යෞවනයන්

14374539_810729792394815_561901845_o
අදුරට ශාප නොකර එක පහනක් දැල්වන්නැයි සිංහල සාහිතයේ ආතෝපදේශකට අර්තවත් අරැත කතනයක් එක් කරන ධිරිය යෞවනයන් පිරිසක් පසුගියදා තානායම්පල ට හමුවිය .ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ වැලිගෙපල ග්‍රාම නිලධාරි වසමේ පිටකන්ද ලයන්ස් යෞවන සමාජයේ තරැණ තරැණියන් ිපිරිසයි . සිය ‍යෞවන සමාජයෙන් ඔවුන් මේ දිනවල අත ගසා ඇත්තේ සුලු පටු මෙහෙවරක ට නොවන බව අප කල නිරික්ෂණ චාරිකාවේදි හොදින් ම පසක් විය .
පවුල් 200 කට අධික පිරිසක් ජිවත් වන මෙකි ගම්මානයේ අතිතයේ සිටම තිබු දැවෙන ගැටලුවක් වුයේ පානිය ජල ඇවැසි තාවයයි. ඇල දොල වැව් පොකුණු නොමැති මේ ගම්මුන් සිය ජල ඇවැසි තා සපයා ගත්තේ වැසි ජලයෙන් හා උල්පත් ජලයෙනි . නුමුත් වසරේ මාස හයක්ම කලාපයේ පවතින පෑවිල්ලෙන් ගම්හු පිඩ වින්දහ .ඒ කල වලදි ගමට පානිය ජලය සැපපම් ගණනාවන් දුරකතර ගෙවා ගෙවිමට සිදුවිය . එකි කල සිටම ගමට ඇති ජල ඇවැසිතාවය දැනුන පැරන්නන් ගම්මානයට ජලය ලබා ගැනිම සදහා විවිද ව්‍යාපෘති ආරම්භ කල ද අසර්ත විය . ඇතැම් ව්‍යාපෘති ගසා කෑම් වලට ලක් විය .

cam00224cam00275cam00246
14383538_810090335792094_1257396122_n
කාලයේ යුග පෙරලියත් සමග ගමේ හොද තරැණ පිරිසක් බිහි විය . ජි වි නිලන්ති චන්ද්‍රකා නම් තරැණිය මේ පිරිසට හොද නායකත්වයක් සැපයිය . “අනාගතයේ රට බාරගන්න සිටින තරැණයන්  අපෙන් පසුව උඹල තමයි මේව කරන්න ඕනි “ සමාජයේ තරැණයන් පිලිබදව එදා මෙදා තුර තිබුන කතිකාවතකි. නුමත් එය මෙගම් වාසි නුතන තාරැන්‍ය එය වෙනස් කලහ .“අපෙන් පසුව උඹල තමයි මේවගේ නායකත්වය ගන්න ඕනි “ කියන ප්‍රකාශ වල සදහන් වි ඇත්තේ අපි සිටින තුරැ නුබලා එන්න එපා උබල අපි ගියාට පසු වරෙන්“ ඒ තුල තාරැණ්‍ය වැඩිහිටියන් තුල යම් ඉර්ෂියාවකට ලක්ව ඇතැයි තේරැම් ගත් මෙගම් හි තරැණයෝ “ නැහැ වැඩිහිටි ඔයාල ඉද්දි අපිත් වැඩ කරනවා වැඩ කරල පෙන්වනව වැඩිහිටියන් යන තුරැ ඉන්නේ නැහැ අපි නායකත්වය ගන්න “සිංහයන් සේ තරැණයෝ පෙරට ආහ . පරම්පරාගානක සිටම ගමට තිබු ජල ඇවැසි තාවය වෙනුවෙන් -ගමේ වැඩිහිටියන්ටත් නායකත්වය දෙමින් කටයුතු ඇරබිය.

cam00330cam00202cam00318
වැලිගෙපල තරැණසේවා නිලධාරි සෝමා ඉන්ද්‍රණි මහත්මියගේ මෙහෙය විම පරිදි පැවැත්වෙන පිටකන්ද ලයන්ස් යෞවන සමාජය ජල ඇවැසි තාවය වෙනුවෙන් පෙනි සිටියේය .ගම අවට ජල මුලාශ්‍ර නොමැති එගම් පියසේ සිට පා සැතැපුම් දෙකක් පමන දුර අතිශය දුෂ්කර කදු මුදුනක සිට කලපයට වතුර ගැනිම තබා සිතා ගැනිමටවත් බැරි කරණකි .  ඒ පිලිබදව “තානායම්පල “ වෙත අදහස් දක්වමින් ලයන්ස් යෞවන සමාජයේ ලේකම් ජි වි නිලන්ති චන්ද්‍රිකා මෙසේ පැවැසිය .
“ගමට වතුර ගැනිම සිහිනයක් වෙලා තිබුනේ අතිතයේ ඉදලම ගමේ උදවිය මේ වෙනුවෙන් විවිධ උත්සහයන් කලා. ඒ අතර යෞවන සමාජ වලින් ව්‍යාපෘති තරගයක් තියනවා .ගමකට ව්‍යාපෘතියක් කිරිමට රැපියල් 75000 ක මුදලක් දෙනවා කියල අපේ තරැණ සේවා නිලධාරි තුමිය අපට කිවා . ඉතින් ඒ ගැන අපේ යෞවන සමාජයේ යාලුවොත් එක්කයි ගමේ වැඩිහිටියෝ එක්කයි කතා කරල පිටකන්දේ කතරගම  දේවාලය ලගට ජලය ලබා ගැනිමේ ව්‍යාපෘතිය ඉදිරිපත් කලා . පිටකන්ද කතරගම දේවාල භාර කර මණ්ඩලය මේ සදහා සුවිශාල ශත්තියක් අපට දුන්න . ජලය ලබා ගැනිමේ ඇවැසි තාවය තිබුනත් ඒකට ජල මුලාශ්‍රයක් කිට්ටුව පාතක තිබුනේ නැහැ . මගේ පියා ජි වි නන්දසේන මහත්තයා අර ඈත පෙන්න කන්ද පෙන්නල අපිට කිවා ඔතනනම් වතුර තියනවා උබලට කරගන්න පුලුවන්නම් කියල .යාමට ඒමට පාරක් නොමැති වතුර ටැංකියක් සැදිමට බඩු භාණ්ඩයක් රැගෙන යාමට නොහැකි ඒ කන්දේ ඉදල වතුර රැගෙන ඒම විශාල අභියෝගයක් වුනා -රැපියල් හැත්ත පන්දාහකින් මෙච්චර ටිකක් කරගන්න හැකිද පලවැනි අභියෝගය ඒකට පිටකන්ද දේවලභාර කාර මණ්ඩලේ සියලුම නිලධාරින් ඇතුලු සාමාජිකයන් ශත්තියක් වුනා .උඹල පිටින් ආපු දරැවෝ නොවේ අපේ ගමේම දරැවෝ වැඩේ පටන් ගන්න අපි උදව් කරන්නම්  .එයිට පස්සේ අවශ්‍ය ශ්‍රම දායකත්වය -ගමේ වැඩිහිටියෝ එක හෙලාම කිවේ උබලට ශ්‍රමයෙනුත් අපි උදව් කරනනම් කියල  තුන් වැනි අභියෝගය වුනේ ජල මුලාශ්‍රය හිමි ඉඩම් හිමිකරැවන් කිප දෙනාගෙන් සහ වතුර බට ගෙන ඒමට ඉඩම් අයිති කරැවන්ගෙන් කැමැත්ත ලබා ගැනිම හිතා ගන්නවාත් බැරි විදිහට බොහොම කරැණාවෙන් ඒ සියලුම දෙනා කැමැති වුනා .එයිට පස්සේ අපි වැඩකටයුතු පසුගිය අගොස්තු මාසයේ පටන් ගත්තා ඕක්තොම්බර් මාසය වෙද්දි පිටකන්ද කතරගම දේවාල භුමියට ජලය ගෙන එම් තමයි අපේ ඉලක්කය .අපි මේ ජල මුලාශ්‍රය ගමට ගෙන්නේ කිසිදු පරිසර පද්දතියකට හානියක් නොවෙන්න වගේම වතුර ගන්න  ප්‍රදේශයේ ජල මුලාශ්‍ර වලටත් බලපෑමක් නොවැන්නයි . ගෙනෙන නල මාර්ගයේ අතර මග ටැප්  දාන්නේ නැහැ අපේ ප්‍රධාන ඉලක්කය වන පිටකන්ද කතරගම දේවාලයට තමයි ගේන්නේ එතනට ඇවිත් ජනතාවට වතුර ගෙන යන්න පුලුවන් ඒ වගේම පුදබිමේ පැවැති දැඩි ජල ඇවැසි තාවය විශේෂයෙන් මේ නිසා විසදෙනවා .“
මේ දිනවල පිටකන්ද නම් සොදුරැ ගම්පියසට පැමිනෙන ඕනෑම අයෙකුට දැක බලා ගැනිමට හැකියි මේ දුෂ්කර අභියෝගය තරැණ නායකත්වයන් යටතේ ගමේ වැඩිහිටියන් සියලුම දෙනා පෙර මගට විත් කටයුතු කරන ආකාරය ලොවක් දිනන්න ට ශත්තිය දෙන පිටකන්ද ලයන්ස් යෞවන සමාජයේ පිංබර පියවරේ සුන්දර නිමාව තව නොබෝ දිනකින් දැක බලා ගන්න ට හැකි වනු ඇත -අප ඔවුන් ට සුබ පතමු

පිංතුර හා සටහන -චාමින්ද දිසානායක
cam00338cam00195cam00283cam0017514408058_810728795728248_1884056341_ocam0022014383538_810090335792094_1257396122_n14359664_810090239125437_2023556697_o14407824_810090379125423_737265657_o14397364_1754783488106983_1043578408_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *