බලංගොඩ රා කෝටි දෙක හමාරයි


14339835_809253925875735_1895244314_o
ලා රා මද ගුණං චෛයි

පොල් වාකර ගුණං ශ්‍රෙෂ්ඨං
පැහිච්ච රා පසං ගූණක්
දෙපරාදුවට අගරේ දපක්

පොතක පතක නොගැටුන ගම්දනව් ගැමියන්ගේ අනාධිමත් කලක සිට මුවග රැදුන ශ්ලෝකකි-ඒ තරමටම රා වලට ශ්‍රි ලංකාවේ පමනක් නොව භාරත දේශයේද ඇත්තේ අනාධිමත් කතාවකි. දේශය අද  ගොඩවදින්නේත් එවැනි තැබැරැමකටය–ඒ පසුගියදා පසුගියදා බළංගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි රැපියල් දෙකෝටි හතලිස් තුන් ලක්ෂයකට අලවි වු බලංගොඩ රා තැබෑරැමටයි .මත්පැන් බලපත්‍රයක් වෙනුවෙන් එලඹෙන වසර සදහා ලැබුන වාරතාගත ආදායමකි. මෙම තැබැරැමේ කෘතිම රා නිශ්පාදනය කරනවායැයි අදහසක්ද ගෙවුන යුගයේ තිබුනද අලවිය ඉත ඉහල වෙයි .ප්‍රධාන විහාරස්තානයක් අසල තිබෙන මේ තැබැරැමට විරෝධතා රාශියක් ම ගෙවුන යුගයේ තිබුනද මෙයින් ලැබෙන ආදායම ගැන සිතන රාජ්‍ය නිලධාරින් ඒ පිලිබදව කිසිදු තැකිමක් නොකර වසරකට වරක් ටෙන්ඩර් මගින් අලවි කිරිම නිබදව සිදුවෙයි කෙසේ නමුත් කෝටි දෙකහමාරකට ආසන්න මුදලකට අලවි වු මෙම රා තැබැරැම හා බැදි උප සංස්කෘතියක් ද නැතුවා නොවේ .
toddy1
ඉතිසාසය 1930 දක්වා දිව යයි එය ආරම්බ කලේ කවුරැන් විසින්දෑයි නිශ්චිත සදහනක් නොවුනත් ඒ පිලිබදව අදහස් දැක්වු බලංගොඩ සුදර්ශනාරාම විහාරාධිපති බලංගොඩ පියනන්ද හිමියන් දේශය වෙනුවෙන් මෙසේ කිය–/ ඒ කාලයේ නගරය ජනාකිරන නැහැ ගමේ ජනතාවට පොල් මලක් කිතුල් මලක් කපල රා ටිකක් බිමට හැකියාව තිබුන ඔය කාල වලදිම බලංගොඩ ප්‍රදේශයේ වතු වැඩ වලට දෙමල ජනතාව ඇවිදින් හිටියා එයාලගේ ඇවැසි තාවය උඩ තමා මේක ආරම්බ වුනේ අද වගේ එදා ටෙන්ඩර් කැදවිමක් නැත රා රේන්දය අවශ්‍යද නැතිද කියල බලංගොඩ ජනතාවගෙන් ජන්දය විමසල තමා ඊලග වසර සදහා විවෘත වන්නේ මට මටකයි එක් අවස්තා කිපයකදි ම මගේ ගුරැදේව නායක හාමුදුරැවෝ බලංගොඩ සුමනජෝති හිමි ජනතාව පෙල ගස්වල රා රේන්දය එපා කියල ජන්දය දිල තැබෑරැම වැසුවා නායක හාමුදුරැවන්ට ඒකට  සෑහෙන අභියෝගත් ආවා-// පියනන්ද හිමියන් කිය
අද බලංගොඩ නගරය අතිශය ජනාකිරනයි මහා මන්දිර සුපිරි පාසැල් ගොඩ නැගි ඇත එදා අඩි 10/15 කුඩා ඉඩක ආරම්බ වු රා තැබැරැම තාමත් එලෙසමයි එහෙත් වටිනාකම දෙකොටි හතලිස්  තුන්  ලක්ෂයයි -සාමාන්‍යෙයන්  තැබැරැමේ හිමිකරැට ජලබිල් විදුලි බිල් සේවකයන් සිව් දෙනාගේ පඩි නඩි සමග වසරකට කෝටි දෙකහමාරක පමන මුදලක් මේ පුංචි රා කඩයට වියදම් වෙයි -ලාබයක් ලැබිමටනම් අවම දිනකට රැපියල් දෙලක්ෂ දහතුන් දහසක පමන මුදලක් උපයා ගත යුතු වෙයි -තත්වය මෙසේ තිබියදි එලබෙන වසර සදහා දෙකෝටි  හතලිස් තුන් ලක්ෂයකට තැබැරැම ටෙන්ඩර් ගෙන තිබෙන්නේ නව ගැණුම් කරැවෙකි  – -ටෙන්ඩර් ගාස්තුවෙන් 100/10 ක පමන මුදලක් අඩුකිරිමට ප්‍රාදේශිය ලේකමි වරයාට බලය තිබුනද සතයක මුදලක් අඩුනොකර ටෙන්ඩරය ලබා ගෙන ඇත
මේ කතාවත් සමග ගෙවුන තොරතුරැ විමසිමට තැබැරැමේ කලමනාකාරවරයා සම්බන්ද කර ගැනිමට කිප විටක් උත්සසහ කලද අවස්තාව මග හැරිනි .කෙසේ නමුත් තැබැරැමට සම්බන්ද නම පුවත්පතේ හෙලි නොකරන්නයැයි සදහන්කල වෙනත් අයෙකු සදහන් කලේ //තැබැරැමේ රා ගුදමි 3 ක් තියනවා වසර 3 කට ඉස්සර ගුදමි 3 ම අලවි වුනා ඊට පස්සේ බලංගොඩ පොලිසියට පැමිනි දසනායක් ඕ අයි සි මහතාගේ පාලනය නිසා රා ගුදම් 1 දක්වා අලවිය පහලට බැස්සා ඒ මහත්තය පොලිසියෙන් ගියාට පස්සේ දැන් දැන් තැබැරැමට හොද බවයි img_1761
.
තැබෑරැමක ලයිසන් එක ලබා ගනිද්දි ඒ සදහා රා ලබා ගැනිම සදහා පොල් ගස් 5000 ක් මැදිමේ බලපත්‍රයද තැබැරැමට හිමිවෙයි .ඒ ලයිසන් එක හරහා බලන්ගොඩ තැබැරැමට රා ලැබෙන්නේ හලාවත ප්‍රදේශයෙනි. බලන්ගොඩ තැබැරැම හා හා බැදි රසවත් උප සංස්කෘතින්ද නැතුවා නොවේ වතු ආශිත දෙමල ජනතාව මෙන්ම කෙස් රැවුල් පැහුන සිංහල ජනතාවද තැබැරැමට ගොඩ වැදි රා විදුරැවක් තොල ගෑමට පුරැදු වි ඇත . වැඩිපුර මේ සදහා යොමු වි ඇත්තේ කුලි වැඩ කරන උදවියයි . හදිසියකට ගෙවත්තේ පොල් ගෙඩියක් කඩා ගැනිමට/වත්තේ පිටියේ වැඩක් කර ගන්න උවමනාවකට කුලි කරැවෙක් සොයා ගන්න ඇවැසි වුවහොත් කෙලින්ම යන්නේ තැබැරැම ලගටයි-රැපියල් හයසියට කුලි වැඩ වැඩ කරන්නම් පඩිය රැගෙන රැපියල් 100 ක් දි රා විදුරැවක් තොල ගා සුර් වුවාට පසුව ඉතිරි පන්සිය දි ඉතිරි සල්ලිවත් නොගෙන තවත් රා විදුරැවක් පානය කර දෙපරාදුවට අගරේ දපක් කිවාසේ ප්‍රධාන මාර්ගය අයිනේම හෝ ලග තිබෙන පන්සල් මිදුලේ රැය පහන් කර හිස් අතින් නිවැස් බලා යන අවස්තාද තිබෙන බව ප්‍රකාශ කලේ රා බිමට පැමිනි නම හෙලි නොකල අයෙකි. සැන්දැජාමය වෙද්දි සැතපුමි ගණනාවක ඇත සිට ජනතාව මේ තැබැරැම කරා ඇදි යයි පින්නවල ප්‍රෙදශෙයට සැන්දෑවේ යන එක් මගි ප්‍රවාහන බස් රතයක් හදුන්වන්නේ රා බස් එක යනුවෙනි .ඒ බස් රතයේ අති බහුතරයම තැබැරැමට ආව උදවියයි
14232547_1747731088810760_591155787458151550_n

බදුල්ල කොලඹ මහා මාර්ගය අයිනේ මිටර් සියක්වත් දුර නැති විහාරස්තානක් කොවිලක් අසල තිබෙන මෙම රා තැබැරැම නිසා ඇති වි තිබෙන සමාජමය ගැටලු රාශියක් ද නැතුවා නොවේ .ප්‍රධාන මාර්ගය අසලම යාමට ඒමට තිබෙන එකම මං තිරැව ඔස්සේ ජනප්‍රිය පාසැල් දෙකක දරැවන් මහා ජනතාව නිතර ගමන් කරයි තැබැරැම ඇත්තේද එම පැත්තේමය -රා පානය කල උදවිය ඇතැමි අවස්තා වලදි පාසැල් ලමුන් ගමන් කිරිමවත් තැකිමක් නොකර මහා පාර අයිනේම මුත්‍රා කිරිම වමනය දැමිම පවා සිදු කරන බව පැවසුවේ බලංගොඩ පියනන්ද හිමියනුයි-පවතින තත්වය අනුව එක් අවස්තාවකදි බලංගොඩ හිටපු නගරාධිපති නිමල් ගාමිනි විරසිංහ මහතා ප්‍රාදේශිය සම්බන්දිකරන කමිටුවේදිත් යෝජනාවක් ඉදිරිපත් කලේ තැබැරැම මෙම ස්තානයෙන් ඈත් කිරිම සුදුසු බවයි .එහෙත් කලාපයේ රාජ්‍ය නිලධාරි ආධිපත්‍ය නිසා එය ක්‍රියාත්මක වි නොමැත.
ඉබුලපේ විජිතවංශ හිමියන් මේ පිලිබදව මෙසේ ද සදහන් කලේය-රා හෝ රට බිම මොන තැබැරැමකින් වුවද සමාජයට වන හානිය සුලුපටු නෑ මේ තැබැරැම තියෙන්නෙ අපේ විහාරයට මිටර් 100 ක් වත් දුර නොවේ ඊට එහා පැත්තෙ කතරගම කෝවිලත් තියනවා සැන්දෑවට බි ගත්තම මේ ආගමික ස්තාන දෙකටම තියන කරදරයනම් සුලුපටු නෑ සමහර බිගත්තු උදවිය ධර්ම ශාලාවෙම නිදාගෙන වමනය මුත්‍රා කරලත් ගිය අවස්තාවල් තියනව අපිත් යෝජනා කරනවා දැන් හරි මේ තැබැරැම වෙනත් තැනකට ගන්නවනම් හොදයි කියල යන්න එන්න තියන එකම මං තිරැවටත් මේ නිසා ලොකු බලපෑමක් තියනවා

දෙකෝටි හතලිස්තුන් ලක්ෂයකට  අලවි වු බලංගොඩ රා තැබැරැමේ ලගු කතාව එයයි

සටහන -චාමින්ද දිසානායක(2016/9/19 දේශය පුවත්පතේ පලවු ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *