මම මුලින් ම ආදරය කලේ අපේ සංගිත ටිචර්ට —රංජන් රාමනායකල ගේ විහිලු නිසා වැඩේ නතර වුනා “ජනප්‍රියම තරැව දොන් හැරිසන් මේ කියන කතාව මොකද්ද?

13707612_1737005343224215_4364636662900841191_n
සංගිත කලාවේ අද ලොව දස දෙස කිතු ගොස නැංවු ජනප්‍රිය තාරකාවක් වන්නේ ඉශ්‍රායලේ රැකියාවේ නියුතු දොන් හැරිසනුයි -පසුගියදා පැවැති සිගිංස්ටාර් තරගයෙන් ජනප්‍රියම ගායන ශිල්පියාට හිමි සම්මානය හිමි කරගත් ඔහු මුලින් ම ආදරය කලේ සිය රැමත් සංගිත ගුරැවරියට බව දැනගැනුම ට ලැබිනි -මේ කතාවේ සුල මුල සොයා බැලිමට තානායම්පල දොන් හැරිසන් සමග කතා කලෙමු –
“මගේ උපන් ගම් පලාත කොච්චිකඩේ පාසැල් යුගයේ සිටම සංගිත කලාවට මගේ පුදුමාකාර ආසාවක් තිබුනා -දන්කොටුවේ මල්පියලි ප්‍රකාශන ආයතනයේ අධිපති ඈ ලයනල් ද සිල්වා කියන්නේ මගේ මාමා .එතුමා ඒ කාලයේ ඉදල පොත් ප්‍රකාශ කරනවා .මාමා කටුකෙන්ද විදුහලේ විදුහල්පතිව සිටින කාලේ අපි මාමා බලන්න ගියාම මට කියනවා කාමරයෙන් පොත් තෝරගන්න කියල ඉතින් මම කැරන්ස්ලගේ මිල්ටන්ලගේ ගිත පොත් තමයි තෝරා ගන්නේ “ මම පාසැල් ගියේ මාරිස්ටෙලා විදුහලට මම 10 වසරේ අධ්‍යාපනය හදාරන කාලේ අපේ පංතියේ හිටිය ලමයි 51 ක් දෙනාගෙන් 28 දෙනෙක් ම සංගිත පංතියට ඇතුලු වුනා සංගිත  ටිචරැත් තරැණයි ලස්සනයි -එතුමියගේ සංගිත රටාවට ඉගැන්විම් රටාවට මා ආදරය කලා මට සංගිතය ගැන දැඩි උනන්දුවක් ඇති වුනේ ඔය නිසාමයි .ඒ නිසා තමයි මම කිවේ ගුරැවරයෙක් ලෙස එතුමියට තමයි මා මුලින් ම ගුරැ ගෞරවයකින් ආදරය කලා කියල අපි පොඩි දරැවෝ .අපි 28 දෙනා මුල් වසරේ ඉගන ගත්තා දෙවැනි වසරේදි 11 ට  අඩු වුනා . තුන් වන සැරේ හතර දෙනයි මමත් එක්ක ඉතින් මම හැකි ලෙස ටිචර්ගෙන් සංගිතය ඉගන ගත්තත් කොල්ලෝ මට විහිලු කරන්න පටන් ගත්තා උබ මේ ටිචර් ලස්සන නිසා තමයි පංතිය ට යන්නේ කියල රන්ජන් රාමනායක අයියත් අපේ ඉහල පංතියේ හිටියේ එයාලත් විහිලු කලා .කොහොම හරි කොල්ලන්ගේ විහිලුවෙන් බේරෙන්න ම බැරි නිසා මමත් සංගිතය ඉගන ගන්න එක දමල ගැසුව “  දොන්හැරිසන් සිද්දියේ සුලමුල පැවැසිය .
14102407_1750989681825781_1235640988707203100_n14102745_1750989455159137_3104127562735823471_n
මේ වන විට ලොව දස දෙස නම රැදි මේ සොදුරැකලා කරැගේ ජිවිතය හා බැදි රස මුසු තැන් බොහොයි =සිය උත්සහයෙන් පැමිනි ගමන් මගෙහි තතු බොහොයි .ගිත ගායනය රංගනය කවිගායනය යන ත්‍රිත්වය තුලින් ම ඔහු ජාත්‍යන්තර ලමා වසර වෙනුවෙන් ඇගයිමට පාත්‍ර වුයේ පාසැලේ 4 වන වසරේ ඉගනුම ලබද්දියි .පාසැල් අධ්‍යපනයෙන් පසුව රැකියා කිපයක්ම කර ඔහු මුලින් ම විදෙස් ගත වුවේ 1990 වසරේදියි .
“මගේ පවුලේ අය ඩුබායි රටේ පදිංචි වෙලා හිටියේ ඉතින් මගේ අක්කා මාවත් ඩුබායි ගෙන්න ගත්තා .මගේ පොඩි කාලේ ඉදල තිබුන සංගිත වුනනම් නතර වෙලා තිබුනේ නැහැ ඩුබායි රටේම හිල්ටන් හෝටලයේ මට රැකියාවකුත් ලැබුනා .මා හිටිය කාමරය ට එහා පැත්තේ කාමරයේ හිටියේ සක්ලාන් කියල මුස්ලින් හාදයෙක් එයා කිබෝඩ් වාදකයෙක් මම ඔහුත් එක්ක මිතුරැ වුනා .මට කොඩ් ඉගන ගන්න මට ඒ කාලේ වැටුප තිබුනේ ඩිනාර් 600 යි කඩේකින් රැපියල් 650 ක් දිල ගිටාරයක් රැගෙන අර යාලුව ලගටම ආව ඉගන ගන්න මට කොඩ් ටික කියල දෙන්න කිවත් එයා මට සැම තිස්සෙම කිවේ මට ගායනා කරන්න කියන දේ විතරයි මගේ ගායනයට එයා සංගිතය හසුරනවා මිසක මෙයාගෙන් මට ගිටාර් කොඩ් ඉගන ගන්න බැරි වුනා .වසර දහක් විතර ඩුබායි ඉදල ලංකාවට ඇවිත් කොච්චිකඩේ ග්‍රාමසේවක රෙක්ෂි අයියා සහ නිමල් කියල තව යාලුවෙකුත් සමග අපි පොඩි බෑරන්ඩ් එකක් කලා –
14054306_1750989318492484_2317387296101144037_o

පසුව යලි සියප්‍රසයේ රැකියාව ට ගිය දොන් හැරිසන් එම රාජ්‍යන් හි පැවැති සුපර් ස්ටාර් තරගාවලියේද අවසන් වටයට තේරිපත් වුයේ සිය ගමන් මගට ආශිර්වාදයක් එක් කරමිනි .ලංකාවේ සේම එතර මාධ්‍ය හා විවිධ සංවිධාන තුලින් පැවැති තරගා වලි සියල්ලේම අවසන් වටයේ සුදුසු කම ඔහු ට හිමි විය .ගායනය වාදනය හා ඊටම සරිලන රංගන විලාශයනුත් පරිපුර්ණ දොන් හැරිසන් පසුගියදා සිගිස්ටාර් තරගා වලියේදි සියලු ම තරග කරැවන් අතර ජනප්‍රිය ම තාරකාව බවට පත් වියත
මම ඊශ්‍රායලයේ රැකියාව ට ආවට පසුව වුවද මගේ සංගිත ගමන නතර කලේ නැහැ ඇරයුම් ලැබෙන සෑම  ප්‍රසංගයකටම සහභාගි වුනා .හයිපා නගරයේ කුමාර රත්නායකත් සමග කැරොකි බෑන්ඩ් එක සමග සබද වි සිටින යුගයේදිම තමයි මා සිංගිස්ටාර් තරගයටත් ඉදිරිපත් වුනේ දෙවියන් වහන්සේ විසින් මට සුදුසු තැන ලබා දුන්නා -ඉදිරියේ දි මගේම නිර්මාණ ගණනාවක් ම කරලියට එන්න සුදානමින් තියනවා “
ලොව ජය ගත් මේ සුන්දර මිනිසා හා බැදි රසමුසු කතා බහක් ලගදිම තානායම්පල රේඩියෝවෙන් බලා පොරොත්තුව තබා ඔහුට සුබ පතමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *