මහවලතැන්න දිසාව 4 වන ‍කොටස

 

 

1
කාන්තාවන් ට නොහොඹිනා බලපෑම් කිර්ම නිසා මහවලතැන්න මහා දිසාවේ විසින් පනානේ වත්තේ වැඩබිම් පාලකයකු සිටි වෝනර්නම් සුදු ජාතිකයා ගස් බැදිම පිලිබදබදව වග විභාග කිරිමටත්  තවත් රාජකාරිමය කාරණා කිපයකටත්  ස්ර් හෙන්රි බ්ලෙක් ආණ්ඩුකාර වරයා මෝටර් රතයකින් 1905 වසරේදි බලංගොඩ ට පැමිනිම කලාපයට  සුවිශේෂි වන්නේ බලංගොඩ පුරවරයේ උදවියට මෝටර් රතයක් මුල් වරට දැකිමට ලැබුනේ එදින නිසාවෙනි
. 1
බලංගොඩ වැලිගෙපල ප්‍රධාන මාර්ගයේ වාහනයකට පැමිනිමට හැකි ලෙස මංවාත එවකට තිබුනේ ගල්ගොඩ මංසන්දිය දක්වා පමණි. එවකට මහවලතැන්න වලව්වට යාමට තිබු මාවත වුයේ අද නාය පාර යනුවෙන් හදුන්වන මාර්ගයයි. එහි කරත්තයක් ගිය හැකි වුවද මෝටර් රතයකට යාමට නොහැකියි. ආණ්ඩුකාර වරයා ගල්ගොඩ මංසන්දියේ සිට දෝලාවේ මහවලතැන්න වලව්ව ට ගිය බව තතු දත් පැරනි උදවිය පවසයි .1905 වසරේ ආණුඩු කාර වරයාගේ මේ ගමන වඩාත් ම සුවිශේෂි වන්නේ ලක් ඉතිහාසයේ වැඩියෙන්ම රජ්‍ය නායකයන් පය තැබු වලව්වට පය තැබු ප්‍රථම රාජ්‍ය නායකයා ඔහු විමත් නිසාවෙනි . ඉන්ඉක්බිති ඉංග්‍රිසි ආණ්ඩුකාර වරැන් කිප දෙනෙකුත් නිදහස් ශ්‍රිලංකා වේ මේ වලව්ව තුලින් ම බිහි වු ලොව ප්‍රතම අග්‍රමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් ප්‍රධාන සියලුම රාජ්‍ය නායකයන් වරින් වර පැමිනි තිබිම සුවිශේෂයි
.“දිසාවේ   උඹ බ්‍රිතාන්‍ය කිරිටයම කරල තියෙන්නේ බලවත් අපහසයක් වරදක් “

වලව්වේ අඩුක්කුව සම්පායම් විමෙන් පසුව ආණ්ඩුකාරවරයා විසින්  මහා දිසාවේට පැවැසිය. සුද්දා ගස් බැදිමෙන් තමා වෙත සිදු විමට නියමිත බලපෑම පිලිබදව කිසිදු චකිතයක් දිසාවේ තුල නොවිය. අසාධාරනයට එරෙහිව ගත්   හොදම  ක්‍රියාමාර්ගයක් කියා හෙතෙම හොදින් ම දනි.

“උතුමාණනි–වෝනර් උන්නැහේ  කරන නොහොඹිනා වැඩ වලට මට කරන්න තිබුන ඉහල ම දේ තමයි මම කලේ” මහා දිසාවේ විසින් සියලුම විස්තර ආණ්ඩුකාර වරයාට සැල කර සිටිහ.
“උඹ ගේ අතින් වරදක් වෙලා නෑහැ දිසාව -වරක කරල තියෙන්නේ අපේ මනුස්සයයි  . ඒක කලේ අපට අපහසයක් මම හෙටම ආපි ට යවනවා “ ආණ්ඩුකාරවරයාගේ තින්දුව විය
.

එවකට සබරගමුව පාලනය කල අනෙකුත් කෝරාල දිසාවන් හි දිසාවේලාද ‍ආණ්ඩුකාර වරයාගේ මහවලතැන්න ගමනත් සමග මහවලතැන්න වලව්ව ට පැමිනිය බව සදහන් වෙයි. මහවලතැන්න පරපුර හා සුදුපාලන සමයේ ක්‍රිමවේදයන් ද අධ්‍යනය කරමින් යන මෙම ලිපිමාලාවේදි මතු පරපුරේ දැනගැනිම උදෙසා පැහැදිලි කල යුතු සුවිශේෂි කාරනාවක් ද තිබේ . බස් වහරට කටවහරට ප්‍රාදේශිය නායකයන් දිසාවේ යැයි හැදුන්වුවද එවකට නිත්‍යානුකුල ව මේ ප්‍රධානින් හැදුන්වුවේ රටේ මහත්මයා යන නමිනි . මේ රටේ මහත්තුරැන් යටතේ තවත් කෝරාලල හා ආරච්චි මහතුන් හිද තිබේ. අවසන් සිංහල රජ්ජුරැවන්ගෙන් පසුව නිල වශයෙන් දිසාවේ යන නම භාවිතා වි නැත . එනමුත් බස්වහරට හා කට වහරට දිසාවේ යන නාමය පාවිච්චි කර තිබේ .මේ රටේ මහත්මායා(දිසාවේ) තනතුරට සුද්දාගේ නිතිය අනුව මහවලැතැන්න,මඩුවන්වල,දඹවින්න වැනි බ්‍රාහ්මණ පරපුරෙන් පැවැත එන රදල ආදිපාද වරැන් හා ගොවිගම කුලවතුන් ද එකි යුගයේ සිටිය බව ගවේෂණ වලදි පැහැදිලි වි ගිය කාරණාවකි  .එකි රටේ මහත්වරැන්ගේ සමහර පෙලපත් ද මහවලතැන්න රදල පරපුර ඥාතියැයි පසුකාලිනව ප්‍රකාශ සටහන් දමමින් නැති ඤාති කම් පෙන්විමට උත්සහ තැබිම  හාස්‍ය මුසු දෙයකි.  මේ සියල්ල අතුරින් මහවලතැන්න වලව්ව හා දිසාවේ සුවිශේෂි වන්නේ ලෝකයේ මුල්ම අග්‍රාමාත්‍ය වරියම මෙම වලව්ව ඇසුරෙන් ලොවට දායාද විමම නොවන්නේය . ඩේවිට් සැමුවෙවල් මහවලතැන්න නම් චරිතය ලොවට පසක් කල සුවිශාල පෞරෂත්වය නිසාවෙනි . කුමන කාරනාවක් නිසා හෝ එකි කරැණු මේතාක් සමාජ ගත නොවිම ඉතිහාසය ට සිදු වු බලවත් අසාධාරනයකි .
ආණ්ඩුකාර වරයාගේ වගවිභාග වලින් පසුව මහාවලතැන්න දිසාවගේ සිංහල වෙදකම හා බැදුන තොරතුරැද හුවමාරැ විම සුවිශේෂි විය.
වලව්වේ සේවකයකු විසින් මිය ගිය සදුන් දිවියෙකුගේ සිරැරක් රාජසභාවට රැගෙන ආවේ දිසාවේගේ අනින් ය .සියලුම දෙනා විශ්මයට පත්කරවමින් මහා දිසාවේ අත තැබු සැනින් දිවියාට පන ලැබිම පලාතේ පමනක් නොව යටත් විජිතයේ ම ප්‍රචලිත වු සිද්ධියකි. සැබැවින් ම දිවියාට පන ලැබිමත් මිය යාමත් සිදු වුයේ දිසාවගේ නිල වෙදකමේ බල මහිමයෙනි.
2

පරම්පරා ගාණක් පැවැති වලව් සේම වලව්වාසින් ද පිරි හි යාම ප්‍රකට කාරෟණාවකි. එනමුදු මහාවලතැන්න වලව්වටත් එකි පරපුරටත්  ඒ ඉරණම අත්නොවිම තවත් සුවිශේෂ කාරණාවකි . සතියෙන් සතිය දිනෙන් දින තොරතුරැ  අධ්‍යනය කරමින් ඉරිදා  ලංකාදිප ය තුලින් කෙරෙන මෙම ජාතික මෙහෙවර වෙනුවෙන් පසුගිය සතියේද මහවලතැන්න වලව්වට ඉරිදා ලංකාදිප ගියේ වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවි නැගුම සංවර්ධන නිලධාරි පාලිත මුණසිංහ මහතා ද සමගයි . එහි විශේෂ අරමුණ වුයේ මේ දැවැන්ත ජාතික සංකේතයේ වත්මන් හිමිකරැවා හමුවිමටයි . සිය වලව්ව ප්‍රමුඛ සියලුම ස්තාන ජායාරැප ගත කරගැනිමට හා ඕනෑම අවස්තාවක වලව්වට පැමින තොරතුරැ විමසා බැලිමට ඉරිදා ලංකාදිප වෙනුවෙන් එතුමා ඉඩහසර ලබා දිමත් මෙහිදි විශේෂයෙන්  සිහිපත් කල යුතුයි .
3

පෙර සදහන් කල පරිදි මහවලතැන්න වලව්වත් එකි පරපුරත් තව තවත් බැබලිම වත්මන් හිමිකරැවාම එක් සාක්ෂියකි. රත්නපුර මහා සමන් දේවාලයේ වර්තමාන බස්නායක නිලමේ හා රාජ්‍ය සංස්තා කිපයකම සභාපතිත්වය දැරැ කමල් රත්වත්ත මහතායි.
මහවලතැන්න පරපුර පිලිබදව ගවේෂණය කරන පාසැල් සිසුන්ගේ සහ අනෙක් වියතුන්ගේ ප්‍රයෝජනය උදෙසා කමල් රත්වත්ත මහාතට වලව්ව උරැම වු ආකාරය පිලිබදවත්  සටහනක් දැමිම කල යුතු දෙයකි. මහාවලතැන්න වලව්වේ විසුව අප කතා නායක ඩේවිට් සැමුවෙල් මහවලතැන්න මහාදිසාවට සිටියේ ගැහැනු දරැවන් තිදෙනෙකි . බුදල් උරැමය අනුව මහවලතැන්න හා බලංගොඩ කලාපයේ තිබු දේපල උරැම වුවේ දිසාවගේ දෙවැනි දියනිය වු රොස්මන් හිල්ඩා කොස්ටෑන් මහවලතැන්න කුමාරිහාමිටයි. කොස්ටෑන් කුමාරිහාමි විවාහ වුයේ මහනුවර මහයියාව වලව්වේ අබේරත්න රත්වත්තගේ පුත් බාර්න්ස් රත්වත්ත මහතා සමගයි (. මහවලතැන්න පරපුර රත්වත්ත පරපුර වු ආකාරය පිලිබදව වෙනම කතාවක් ඉදරියේදි පලවිමට නියමිතයි) රොස්මන් මහවලතැන්න කුමාරිහාමිට සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුලු ගැහැනු දරැවන් දෙදෙනෙක් හා පිරිමි දරැවන් සිව් දෙනෙකි . ඒ එක් පිරිමි දරැවෙකු වුයේ බලංගොඩ විසු මහජන මංත්‍රි හා රාජ්‍ය සමාගම් කිපයක ඉහල තනතුරැ දැරැ ක්ලිපට් සේනක රත්වත්ත මහතායි. මව් උරැමය අනුව මහවලතැන්න වලව්ව හිමි වුයේ ක්ලිපට් රත්වත්ත මහතාටයි . ඔහු විවාහ වුයේ ද මින් පෙර ලිපියක සදහන් කල පරිදි එල්ලාවල වලව්වේ මල්ලිකා මැතිනිය සමගයි. බලංගොඩ මහජන මංත්‍රි වරියක ලෙස කිර්තිමත් සමාජ මෙහෙවරක නිරතව සිටි ඇය දැන්  විවේක සුවයෙන් මේ වලව්වේම කල් ගෙවයි. මල්ලිකා ක්ලිපට් යුවලගේ දරැවන් දෙදෙනෙකි . දියනිය රොෂණි රත්වත්ත විදේශ් රටක පදිංචිව ඇත. අනෙක් දරැවා වන කමල් රත්වත්ත මහතාට මෙම වලව්ව නිත්‍යානුකුලව හිමි වි ඇත,
6
මඩුවන්වල දිසාව
“ඩේවිට් මහවලතැන්න මහා දිසාව මගේ මුත්තා මගේ ආත්අම්මගේ පියා. දැන් මේ වලව්වේ උරැමය තියෙන්නේ මටයි . මම කිසිම අවස්තාවක මේ වලව්ව විකුණන්නේ නෑ . මම හොදින්ම දන්නවා මේ ජාතික සංකේතයේ තියන වටින කම ගැන මට හොද අවබෝදයක් තියනවා .  මෑතකදිත් මම මේ වලව්වේ සිවිලිම ප්‍රතිසංස්කරණය කලා කෝටි එකමහාරක පමන මුදලක් ඒ වෙනුවෙන් වැය වුනා . කුමන ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් වලව්ව නඩත්තු කලත් එදා තත්වයට කිසිම හානියක් නොවිම ට මම වග බලාගෙන තියනවා .මහා දිසාව මිය ගියාට පස්සේ කලක් මේ වලව්ව වහල තිබුන .ඒ කාලේ වලව්ව සතු වටිනා බඩු මුට්ටි රාශියක් ම හොරැ ගිනිහින් තිබුනා .මගේ පියා පසුකලක තමයි යලි මේ වලව්වේ පදිංචි වුනේ . මේ වලව්වේ හිටිය මුල්ම මහවලතැන්න අධිකාරම් තුමත් රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරත් දරල තියනවා . ඒ වගේම මගේ මුත්තා ඩේවිට් සැමුවෙල් මහවලතැන්න මහා දිසාවේ අම්මඩුව කුඩාකතරගම දේවාලයෙත් බස්නායක වෙලා ඉදල තියනවා .මහා  දිසාවගේ වඩාත් සුවිශේෂිත්වය තමයි .ඔහුගේ වෛද්‍ය ශාෂ්ත්‍රය.ලංකාවේ මේ වලව් බිමට පමනක් ආවේනික වුන බෙහෙත් ‍ඖෂධ රාශියක් ම මේ උසු උයනේ තිබිල තියනවා. මේ වලව්ව වටේට ම දිය අගලක්  තියනවා. ඒ අලි එනවට මොකද දිසාවේ අලි වෙදකමටත් නම් දැරැ ශුරයෙක් .දැනට ලෝකයේ අලි වෙදකම ගැන ලියල තියන එකම වෙද පොතත් මහාවලතැන්න දිසාව ලිව එකක්. අලියාගේ මුලුසරැවාංගයේම වෙදකම ගැන ඒ පොතේ සදහන් වෙනවා. ඒක දිසාව ලිව්ව අත් පිටපතක් නමුත් මේ පොත  බලන්න සුද්දෙක් ඉල්ලගෙන තියනවා . එයිට පසුව ඒ පොතට මොනව වුනාද දන්නේ නැහැ. මම ඒ පොත  වෙන කවුරැහරි ප්‍රකාශයට පත් කරල ද  කියල  බලන්නත් ලෝකයේ හැම තැනම හෙව්ව ඒත් හමුවුනේ නැහැ. දිසාව ගේ පරිපාලනය වෙදකම ගැන තව හුගාක් විස්තර මේ අවටින් සොයා ගන්න පුලුවන් “ කමල් රත්වත්තේ මහතා පැවැසිය.
4

මහාවලතැන්න මහා දිසාවගේ හොදම ඤ්තිවරයා සහ මිතුරා වු යේ කොලොන්න කෝරලය පාලනය කල වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ හාමින්ලාගේ ශ්‍රිමත් ජේම්ස් විලියම් මඩුවන්වල මහා දිසාවයි . අලි ඇතුම් එක් රැස් කිරිම අලින් ඇල්ලිම හා අලින් සංරක්ෂණය කිරිම කිරිම පිලිබදව මඩුවන්වල දිසාවේට හිමිවන්නේ සුවිශේෂි තැනකි. අලි ඇතුම් ඇල්ලිම සදහා සහ මඩුවන්වලගේ ඇතුන් ට වෙදකම් කිරිම සදහා ඔහුට ශත්තියක් වුයේ මහාවලතැන්න මහා දිසාවයි .

සිය ඇත්ගාලට අලි ඇතුම් ගෙන ඒම සදහා කල්තොට ,දියවින්න, හදගිරිය, යටිමල්කඩුව,කපුගල වැනි මහා බිංතැනි වලද ගිය බව සදහන්වේ . මහවලතැන්න වලව්වේ ඇතුන් ඇල්ලිමට පැමිනි මඩුවන්වල දිසාව ඇතෙකු ගේ පහර දිමක ට ලක් වි මිය ගිය බව ද ජනප්‍රවාද ගත වුවත් එය වැරදි අදහසකි. එනමුත් මැඩුවන්වල දිසාව සමග පැමිනි වෙනත් දිසාවකෙනෙකු අලියෙකුගේ පහර දිමට ලක් වි මිය වග නම් පැහැදිලිව සදහන් වෙයි. මේ ප්‍රතාපවත් පාලකයා මිය ගියේ 1916 වසරේදියි. දිසාව සැබැහින් දුටුව අයෙකු දැනට ජිවතුන් අතර නැහැ යැයි සමාජ ගත වි තිබුනද දැනට එකම එක සාක්ෂියක් ඉතිරිව ඇත .එකි එකම සාක්ෂිය ලැබුනේ ඉරිදා  ලංකාදිප ය ට පමනි .අවුරැදු 110 හැවිරිදි බි වි පුංචිමැනිකේ මහත්මිය ඒ පිලිබදව මෙසේ කිය.
7

“මහවලතැන්න දිසාවත් ඔය ලමයි වගේ උස මහත තියන කෙනෙක් මහවලතැන්න වලව්වේදි අලිය ගහල මැරැන මාකදුර වලව්වට සම්බන්ධ දිසාවේගේ මිනිය බලන්නත් මම ගියා . මම එතකොට හතරවැනි ක්‍ලෑසියේ .මහවලතැන්න දිසා හාමුදුරැවන්ගේ හොදම මිතුරා තමයි මඩුවන්වල දිසාව .එදා අලි ඇල්ලිමට මඩුවන්වල දිසාවත් එක්ක මාකදුරෙ දිසාව කෙනෙකුත් ඇවිත් තියනවා . මේ දිසාවේලා තුන් දෙනා සේවකයන් සමග කල්තොට දියවින්නේ පැත්තේ අලි ඇල්ලිමට ගිහින් . අද වගේ නෙමෙයි කැලෑ පාරවල්නේ . දියවින්න හරියේදි අලියෙක් මග හරස් කරල .මහවලතැන්න දිසා හාමුදුරැවොයි .මඩුවන්වල දිසා හාමුදුරැවොයි දෙපැත්ත ට දිව්වා. මාකදුර දිසාහාමුදුරැවෝ මැද හිරවුනා එක පැත්තක අලිය අනිත් පැත්තේ මහා ගල්පරැවතයක් මහවලතැන්න දිසාවට අලි මන්ත්‍රියක් වත් කියන්න වෙලාවක් තිබිල නෑ මාකදුර  දිසාව ගල්පරැවතයට තියල හිරකරල . අලිය කෑලෑවට දුවල . එතනම මිය ගිය දිසාවගේ මිනිය කරතියාගෙන මහවලතැන්න වලව්වට ගෙනාවා .මහවලැත්න ඉස්කෝලේ හිටිය ලමයි කට්ටියම ආව බලන්න. මට හොදටම මතකයි මහවලතැන්න වලව්වෙම පෙට්ටියක් හදල දිසාවගේ මිනිය මාකදුර වලව්වට අරගෙන යනවා.” පුංචිමැනිකේ මාතාව පැවැසිය. ඇය දෑසින් දුටුව මහවලතැන්න දිසාව හා බැදි මෙතෙක් හෙලි නොවුන සිදුවිම් රැසක් ඉදරියේදි පලවිමට නියමිතයි.
මහා නාහිමි නමක් නිසා දිසාවගේ දුම්පයිප්පය නිහඩ වෙයි. දඹවින්න දිසාව උපක්‍රම ශිලිව මැරැවේ මහවලතැන්න දිසාවද ? ලබන කලාපයේදි

පිංතුර  හා සටහන -චාමින්ද දිසානායක(2016/6/25 ඉරිදා ලංකාදිප)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *