මහවලතැන්න මහා දිසාව -3 වන කොටස


Capture
මහාවලතැන්න චන්ද්‍රසේකර වික්‍රමසිංහ සෙනවිරක්න දසනායක බණ්ඩාර මහාවාසල මුදියන්සේ රාලහාමින්ලාගේ සැමුවෙල් ඩේවිට මහවලතැන්න මහා දිසාවේ ගේ නින්දගම් බල ප්‍රදේශය ගොඩ මඩ අක්කර 30000 ක  ට අධික බව පෙරදි විස්තර කලෙමු. ඒ නින්දගම් භුත්ති විදින ප්‍රවේනි දාසයන් විසින් ද වලව්ව ට කල යුතු සේවාවන් රාශියක් තිබිනි . මෙකි නින්දගම්  තුලින් පනාන නින්ද ගමට හිමිවන්නේ සුවිශේෂි තැනකි . අක්කර 1470 යි රෑඩ් කින් යුතු මේ නින්ද ගම හා බැදි රාජකාරි පංගු සේම බැදුන කතාද සුවිශේෂයි.වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවිනැගුම සංවර්ධන නිලධාරි පාලිත මුණසිංහ මහතා‍ගේ සහයෝගයත් සමග ඒ පිලිබදව මෙවර ස්ථාන කිපයක ම ගවේශණය කලෙමු .

13330400_528116950704945_84271782_n

එකල්හි රදල ප්‍රධානියෙකු ගේ නින්දගම් බල ප්‍රදේශයේ පදිංචිව සිටිනම් ඒ වෙනුවෙන් ගම්වාසින් විසින් වලව්වට සේවාවක් කිරිම අනිවාර්්‍ය  වි තිබේ .ඒ මෙහෙවරයත් සමග එකි මෙහෙවරය රදල ප්‍රධානියාගේ ම නියෝගයක් නොවන අතර ඉංග්‍රිසි ආණ්ඩුව විසින් ම පනවන ලද නිතියකි. පනානේ නින්ද ගම භුත්ති විදි අය වෙනුවෙන් නවම් පංගුව නමින් රාජකාරි වෙන් කර තිබු බව සදහන් කලේ එරබදුහේන  මනන්නලාගේ ඉන්ද්‍රපාල මහාතයි.
“අපේ පරම්පරාවට තිබුනේ පනාන ප්‍රදේශයේ තිබුන කුඹුරැ වල වි මැනිමේ කටයුතුයි .ඒ වගේ ම තව මනන්නලාගේ පරම්පරාවල් රාශියක් මහවලතැන්න වලව්ව ඇසුරෙන්  බිහිවුනා .දිසා බල ප්‍රදේශයේ කුල විකාශනය විමට වලව්ව හා බැදුන රාජකාරි බලපෑවා”
සබරගමුව මැදකොරලයේ 1870 අංක 4 දරන ප්‍රවේනිදාස ආඥඥේ පනත යටතේම නවම් පංගුව නමින් පනාන වාසින් ට රාජකාරි වෙන් වි තිබිනි.
මහාවලතැන්න මහා දිසාවගේ ප්‍රධානතම අත්තේවාසිකයා වුයේ පි ජි ඩබ්ලිව් බබානිස්ය. ඔහු ඒ තරම්ම දිසාවට හිතේශි වන්තෙයෙකු ව වි සිටිය බවට කදිම සාක්ෂි ගණනාවක් ම සපයයි. ඒ ගැන මෙතෙක් හෙලි නොවුන සුවිශේෂි තොරතුරැ රැසක් ඉදිරියේදි පලවිමට නියමිතයි. මහාවලතැන්න වලව්වෙන් නිකුත් වෙන ආඤ්ඤ ප්‍රවින දාසයන් වෙත සපයන්නේ බබානිසාය.
13330304_528116944038279_1820377150_n

“බබානිසෝ”
“අපේ දිසාහාමුදරැවනේ “
“තෝ දැන් ගිහින් පනානේ  කිරි අංශටයි කලුවටයි ඩිංගිරියටයි උක්කු හතනටයි කිය ලබන දෙපෑලවියට දෝලාව කරතියන් යන්ට එන්නැයි කියල . පයිඩය දිල තෝ විගහට වර “ බබානිසා අත පනිවිඩය යවන්නේ දෝලාකාරගේ පරපුරේ අයටයි . පළාත ඇතුලත පමනක් ගමනක් යනවානම් දෝලාව රැගෙන යාම සදහා දැපකාරගේ පෙලපත බැදි සිටියි .වසරකට දින තිහක් වලව්වේ මුලු තැන් ගෙයි සේවය කිරිමත් අගුරැ කත් 15 ක් ගෙනවිත් දිමත් බිත්තර වි සදහා වසරකට වි මල්ලක් ගෙනවිත් දිමත් ඒ පෙලපතටම අයිති රාජකාරි වි තිබේ. අප්පු  නයිදේ කුඩප්පු නයිදේ වයිරම්ඹු නයිදේ යන නයිදේ පරපුරට උරැමව තිබුනේ කම්මල් වැඩයි අලුත් අවුරැද්ද උදාවෙනවාත් සමග ම  නයිදේලාගේ පෙලපතින් අලුතින් ම සදු ගිරයක් මහවලතැන්න මහාදිසාව වෙත ලබා දිමත් නොවැම්බර් මාසයේදි කැත්තක් ,තුන් දෑකැත්තක්,තුම්පොරවකුත් දි දින හතක් වලව්වේ සේවය කිරිමත් කල යුතුව තිබිනි.
43

රෙදි සෝදන හේන කුලයට ද රදාගේ පංගුව ලෙසින් නවම් පංගුවේ රාජකාරි වෙන් කර තිබේ . නිශ්චිත දිනවලදි සේම වලව්වේ බබානිස්ගේ පනිවිඩයකින් ඕනැම අවස්තාවකදි පැමින සේවය කිරිමට ඔවුන් බැදි සිටි . වසරකට දින හතලිස් පහක් වලව්වේ රෙදි පිලි සෝදා දිම තිර රෙදි දැමිම වියන් බැදිම බලි තොවිල් වලදි පහන් තිර ගෙනවිත් දිම රදාගේ පංගුව බිම් කොටස භුත්ති විදින උදවිය කල යුතුයි . ඒ පනානේ නින්ද ගම භුත්ති විදින දාසයන්ගේ රාජකාරි ය. එලෙසම දිසාව සතු ඉතිරි නින්ද ගම්වාසින් ටත් ඒ ආකාරයෙන් ම රාජකාරි වෙන් වි තිබිනි. රාජකාරිමය ලෙස එවකට රටේ පැවැති නිතිය අනුව නින්දගම් වාසින් ප්‍රවේන දාසයන් වුවද දිසාව තුල කිසි විටකත් ඔවුන් තලා පෙලා දැමිමත් ඔවුන් ඉදරියේ හිස උදුම්මා ගැනිමක් මහන්තත්ත කමක් නොවිය සුදු ජාතිකයන් සමග කෙතරම් සමිප වුවද ඒ තුලින් සිය නින්ද ගමේ ජනතාවට අසාධාරනයක් වේනම් ඒ වෙනුවෙන් මහාවලතැන්න මහා දිසාව කිසිසේත් නිහඩ නොවිය . දිසාවගේ නිර්භිත කම පසක් වන අවස්තාවක් ලංකාදිපය සමග සදහන් කලේ පනානේ ඉන්ද්‍රපාල මහතාමයි.
2

“පනානේ අක්කර 1470 නින්දගම වගා කටයුතු සදහා ජේම්ස් පිල්ලෙයාර්  සාමාගමට අනුනම අවුරැද්දේ බද්දට දිල තිබුන ඒ කාලේ තේ වගාව සදහා. පරන වතු කුඹුරැ කිසි දෙයක් මේ බද්දට අයිති නැහැ. ඉයිට පසුව පනානේ වත්තට සුදු ජාතිකයන් ආවා” ඉන්ද්‍රපාල මහතා පැවැසිය.
සුදුජාතිකයන් රටපාලනය කලද ගම්දනව් වලට සුදු ජාතිකයන් බුරැතු පිටින් පැමිනිමේ අවස්තාවක් එවකට නොවිනි. මහවලතැන්න මහාදිසාව විසින් සිය  පනාන නින්දගම අනුනම බද්දට දිමත් සමග ගමට පැමිනි සුදුජතිකයන් කෙරෙහි ගම්වාසින් තුල ඇති වුයේ සුවිශාල බියකි .ඔවුන් විසින් සිය ගැහැණු දරැවන් බලහත්කාරයෙන් පැහැර ගනිවියැයි බිය නිසාම කිසිදු අවස්ථාවකදි  ගැහැනු දරැවන් එලි මහනේ පේන්න නොසිටියහ . වතු බංගලා වල පදිංචි සුදු ජාතිකයන් කිප දෙනෙකු අවස්තා කිපයකදි නොහොබිනා විහිලු කල නිසා ගමේ සිටිය පදිංචි කරැවන් සිය වතු පිටි සියල්ල අතහැර දමා පනාන කන්දේ පදිංචි වෙන්න විය . කන්දේ ජිවත් වුන ගම් වාසින් පිරිස ජිවත් විම සදහා කිතුල් මල් කපා හකුරැ සෑදුව බව ජනප්‍රවාදයන් හි දැක්වේ . මේ සිදුවුන විර්යාසයන් කිසිවක් මහා දිසාවට සැල නොවිය.
“ඔය කන්දේ සිටිය මිනිස්සු සැදුව හකුරැ මහාවලතැන්න වලව්වට අරන් ගියා . එත් සුද්දන්ට බයේ කැලේ හැංගිල හිටිය කියල මේ අය කියන්න ගියේ නැ. මේ වලව්වට ගිනිච්ච සමහර හකුරැ සුදුයි සමහර ඒව කලුයි .ඔය සුදු හකුරැගේ කලු හකුරැගේ කියන වාසගම් මහාවලතැන්න මහා දිසාව තියල තියෙන්නේ මේ සිද්දිය නිසා ” ඉන්ද්‍රපාල මහතා කිය.

කලක් ගත විය. පනාන වත්ත පරිපාලනය පැමින සිටිය වෝනර් සුදු ජාතිකයා6 සල්ලාලයෙකි. මේ සල්ලාල කමින් සිය ගැහැනු දරැවන් බේරාගැනිමට කදුමුදුනේ සැගවි සිටිය ගම්වාසින්ටත් බේරැමක් නැති විය.
“දිසා හාමුදුරැවෝ සුද්දාට මනාපයි උන්දැට මේක සැලකොලොත් අපිට තවත් සෝලේ වැටෙන එක විතරයි වෙන්නේ “ගම්වාසුහු කල්පනා කළහ. ඔවුන්ගේ අවසානය තිරණය වුයේ කදු මුදුනත් අතහැර යාමටයි. මේ අතර ටික කලකින් වලව්ව ට හකුරැ නොලැබුනේ ඇයිදැයි කල්පනා කල මහා දිසාව විසින් බබානිසාව එව්වේ මේ පිලිබදව සොයා බැලිමටයි . පනානේ ගම්වාසියෙකුම වු බබානිසා ට සිද්ධ වි තිබෙන කාරනාව සිය ඥාතින් ගෙන් දැන ගැනිමට ලැබිනි. හකුරැ නොලැබි යාමත් ගම්වාසින් ට වෝනර් සුදු ජන්තුවාගෙන් වන හිරිහැරයත් මහා දිසාවගේ කණට වැටිමට වැඩි දිනක් ගත නොවිය .
මහා එවුන්ගේ වරදින්  රට සුද්දන්ට උරැම වි එකි නිතිය අනුව රාජකාරි කිරිමට සුදු වුවද සිංහල ජාතික හැගිම මහා දිසාවේ තුල ද තදින් ම තිබු වග පසක් වුයේ එයින් පසුවයි.
“මම මහා වලතැන්න මහා දිසාව මගේ මුත්තා රජවාසල මහා අධිකාරම් කෙනෙක් මටත් රජපරපුරේ ලේ තියනවා .පර සුද්දෝ අපේ රට යටත් කර ගත්තට සිංහල හැගිම තියන එවුන් රටට ආදරේ වුන් තාම මේ සිංහලේ ඉන්නවා . වර බබානිස් යන්න “ මහා දිසාවගේ දත් කෝපයෙන් හැපිනි . ජුවානිසාට කියමින් කරත්තය බැදගත් මහා දිසාව බබානිසාද රැගෙන ඉගිලුනේ පනාන වත්තටයි .
කරත්තය නතර වුවේ වෝනර් ගේ බංගලාව ඉදිරිපිටයි.
“ඈ බොල දිසාව කාලෙකට පස්සේ “ වෝනර්නම් සද්දන්ත සුදු ජාතිකයා මහා දිසාවේ කරත්තයෙන් බසිද්දි ම  කිය.

“බොට දැකුම් පෙනුම් වලට තමයි මම අවේ “

මහා දිසාවගේ ගර්ජනාවට වත්තේ වැඩකරමින් සිටිය සිංහල ජාතිකයෝ වටවිය. සුද්දා ඉදිරියේ මහා දිසාවේ කෙලින් සිටගත්තේ ය. කෙට්ටු හිංදෑරි සිරැරක් තිබු මහා දිසාවේට දැවැන්ත සුද්දෙකු සමග සටන් කල නොහැකි වග කවුරැත් දන්නා කාරණයෙකි. නොසිතු මොහොතක දිසාවේ කල සමච්චලයද සුද්දාට මදි පුංචි කමකි . කෝපයෙන් රතු වුන වෝනර් මහා දිසාවේට චින අඩි පහරක් එල්ල කරද්දි ම එය වලක්වා ගත් දිසාවේ ඇසිපිය හෙලන ක්ෂණයෙන් ම සුද්දාගේ අතේ නිලයක් මිරිකුවේය .
නිල ශාෂ්ත්‍රය හොදින් දැන සිටි දිසාව කල දෙයින් සුද්දා සම්පුරණම අඩපන වි සිහි නැතුව වැටුනේ ය.

“ගැටගහපිය මේ පරසුද්දව මේ දිවුල් ගහේ . තොපේ ගෑණු ලමිස්සියන්ට එන්න කියල උන්ලවා දමාපන් දිමි ගොටු මේකව කාල දාන්න “
දිසාවේගේ අනින් සුද්දාව බංගලාව ඉදිරිපිට දිවුල් ගසෙහි ගැටගැසිය. ශරිරය අඩපන වු සුද්දාට කර කියා ගත හැකි කිසිත් නොවි ය.
“දැන් තොපේ හැත්ත බුරැත්ත සමග බය නැතුව මේ ගෙවල් දොරවල් වල පදිංචි වෙයල්ලා . මහා දිසාව ඉන්නකම් සුද්ද ට ඕනි විදිහට මේකේ නටන්න දෙන්නේ නෑ”
මහා දිසාවගේ අනින් දින දෙකක් ම දිමියන්ගේ පහර මැද දිවුල් ගසේම හිරවිය. මතක හිටින පාඩමක් ලද සුද්දාගෙන් එයින් පසුව කරදරයක් ගම්වාසින් ට සිදු නොවිය. ඩේවිට් සැමුවෙල් මහවලතැන්න මහා දිසාව ඉංග්‍රින් ට දැඩි පක්ෂ පාතික අයෙකුයැයි ප්‍රබලව සමාජ ගත වු නිසාත් දිසාවේ පිලිබදව ගවේශෂණාත්මක ලිඛිත ලේකනයක් මෙතෙක් නිසි ආකාරව නොතිබු නිසාත් මහා දිසාවේ විසින් සිංහල ජාතිකයන් වෙනුවෙන් නිර්භිතව පෙනි සිටිය මෙවැනි අවස්තාවල් මෙතෙක් සමාජ ගත වි නොතිබිනි .
කෙසේ වුවද ඉංග්‍රිසි ආණ්ඩුව යටතේ සුද්දා ගස් බැදිමෙන් දිසාව කර තිබුනේ බරපතල වරදකි. සිදු වු සිදුවිම එවකට ලංකාණ්ඩුකාරයා වු සර් හෙන්රි බ්ලෙක්( 1903-1907) ආණ්ඩුකාර වරයා ටද සැලවිය. ඉංග්‍රිසි ආණ්ඩුවට මිත්‍රව කටයුතු කරන මහවලතැන්න දිසාවගෙන් එවැනි අකටයුත්තක් ලේසියෙන් සිදු නොවන බවද සුදු පාලකයන් හොදින් ම දනි.මේ පිලිබදව විභාගයක් පැවැත්විමට ආණ්ඩුකාර වරයා මහාවලතැන්න වලව්ව ට පැමිණෙන පනිවිඩය මහා දිසාවට ලැබිනි.
බලංගොඩ ප්‍රදේශයට මුලින් ම මෝටර් කාර් එකක් පැමිනෙන්නේ ඒ අනුවයි.මින් පෙර කාර් රතයක් නොදුටු බලංගොඩ වාසිහු “අති උතුමාණන් ඉබේ යන කරත්තයකින්  එනවා “යැයි රැස් කකා මග දෙපස පොදි බැදගෙන මහජනතාව සිටි බව ප්‍රදේශ වාසින්ගෙන් කියවෙයි . එවකට පාසැල් සිසුවෙකු වු බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් බලංගොඩ කුමාර විදුහලේ සිය සහෝදර සිසුන් සමග මේ පැමිනි ආණ්ඩු කාර වරයාගේ වාහනය නැරඹු බව ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් ලියා ඇති “මතු බුදු බව පතන බලංගොඩ ආනන්ද මෛත්‍රි මා නාහිමි කෘතියේ ද සදහන් කර තිබේ .
අලි වෙදකම පිලිබදව මහාවලතැන්න දිසාව අතින් ලියවුන  ලෝකයේ  එක ම වෙද පොත මහවලතැන්න වලව්වෙන් හොරකම් කල සුද්දා කවුද ?  මහාවලතැන්න වලව්වේ වත්මන් හිමිකරැ රත්නපුර මහා සමන් දේවාලයේ වර්තමාන බස්නායක නිලමේ මහාවලතැන්න මහා දිසාවගේ මි මිණුබුරැ කමල් රත්වත්ත මහතා ලංකාදිපයට හෙලි දරව් කරයි ලබන කලාපයේ දි

සටහන -හා පිංතුර චාමින්ද දිසානායක(ජුලි 19 ඉරිදා ලංකාදිප)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *