ලක්ඉතිහාසය වෙනස් කල බලංගොඩ –මහාචාර්්‍යය රාජ් සෝම දේවයන් සමග

14885988_834660360001758_1840448125_n

ගෙවුන සතියේ ලක් ඉතිහාසයේ සුවිශේතම සංධිස්ඨානයක් විය.ඒ අනාධිමත් කලක සිට පැවැතගෙන ආ ලාංකිය ඉතිහාසයට නව මංපෙතක් තබමින් අප ඉතිහාසයේ නොදන්නා කමට හෝ ඕනෑ කමින් වලලා දැමු යක්ෂයන්ගෙන් නාගයන්ගෙන් දෙවිවරැන්ගෙන් රාවනාගෙන් පුරවා තිබු හිඩැසක සැබෑ තතු ලොකයා හමුවේ ප්‍රදර්ශනය කිරිමයි. එහි ගරැත්වය හිමිවන්නේ කැලණිය සරසවියේ පුරා විද්‍යාව පිලිබදව මහාචාර්්‍ය  ආචර්්‍ය රාජ්සෝම දේව ශුරින්ටයි. 1997 වසරේ ඔහු විසින් ආරම්භ කල “දඩයක්කරයාගේ සංග්‍රාන්තිය‘ නම් ගවේශනයේ 2006 වසරේ සිට එය ප්‍රායෝගික කැණිම් තුලින් වරින් වර නිර්නායකයන් ලෝකයාට පැවැසිය .එහි සුවිශේෂිත ම පලය ලෙසින්  2014 සිට 2016 වසර දක්වා වු කැණිම් වල කාබන් නිරික්ෂන වාරතා විද්‍යාව හා තාක්ෂණික අමාත්‍යාංශයේදි පසුගිය 25 වනදා ලෝකයා හමුවේ තැබිය.
. ඒ අනුව රංචා මඩමෙන් පුරාවස්තු කි පු 1300, උඩරංචාමඩම කි පු 1125,හල්දුම්මුල්ල 1750, බෙරගල කි පු 2400,ඉලුක්කුඹුර හුණුගල්ගේ කි පු 4330 ලෙස කාල නිර්ණ්‍ය වි තිබිනි. කල්තොය උඩුපියන් ලෙන ඉලුක්කුඹුර අලුගල් ගේ ආශිත ප්‍රදේශ වල කාබන් පරික්ෂණ වාරතා ඉදිරියේ දි පැමිනි මට නියමිතයි.මේ සුවිශේෂිත හෙලි දරව්ව හා බැදුන ලාංකිය යටගියාව ඉතා ප්‍රබලයි .මෙවර ඉරිදා ලංකාදිප ඒ පිලිබදව තැබු සටහනකි මේ
.934151_471139649738299_5277239682988852390_n

ඉතා සංකිරණ වුත් පුලුල් වුත් සරාසයක් තුල දිවෙන මෙකි කතාන්තරයේ ආරම්භය මෙසේය. ලංකාවේ මුල්ම මානවයා වු බලංගොඩ මානවයා පිලිබදව මුලින් ම සාක්ෂි මතුකලේ හිටපු පුරා විද්‍යා කොමසාරිස් වරයෙකු වු ආචර්්‍ය  සි ඊ පි දැරණියගල ශුරිනුයි .ඒ 1957 වසරේ බළංගොඩ වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ බෙල්ලන්බැදිපෑලැස්ස කලාපයේ කල කැණිම් වලිනි .බෙල්ලන්බැදි පැලැස්සේ මතු වු වසර දොලොස්දාහකට එපිට පැරණි වු මානව සැකිලි ඔස්සේ පරික්ෂණ තව දුරටත්  දියත් කල ශිරාන් දැරණියගල ශුරින්  හෝමෝසේපියන් නම් අපේ මුල්ම මානවයාගේ ඉතිහාසය වසර එක්ලක්ෂ විසිපන්දාහස දක්වා එපිට ට දිව යන බව සනාත කලේ ය .හම්බන්තොට අවට ප්‍රදේශ වලින් ප්‍රාග් ඓතිහාසික මානවයන් මෙරටට පැමිණී ජනාවාස කිරිම ආරම්භ කල වග එකිඉතිහස සාධක වල දැක්වෙයි . එකි බලංගොඩ මානව පරපුර දඩයක්කාරයින් ලෙස මෙරට ජිවත් වෙමින් විකාශය වුවද විදේශයකින් පැමිනි යකඩ වැඩ කරන ,වලං සාදන, ගොවිතැන් කරන, අශ්වයාගේ පිටේ යන ජනතාවට බිය වි නිල්ගල රතුගල ආදි කදුකර පළාත් වල සැගවි ඔවුන් වැදි ජනතාව බවට පරිවර්තනය වු   බව දැරණියගල ශුරින්ගේ මතය වි තිබිනි .ඒ අනුව බළංගොඩ මානව පරපුර අවසන් වන්නේ කි පු 1800 යෙනි .ඉන්ඉක්බිති විජයගේ ආක්‍රමණයත් සමග මහා වංශයෙන් අප සාම්ප්‍රදායික ඉතිහාසය ගොඩ නැගෙයි.ලංකාවේ එවකට සිටි බලංගොඩ මානව පරපුර හෙවත් අප ආදිතමයන් පසුබැස ගියේ උතුරැ ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණික නිසා බවද ඉතිහාස ධරයෝ කියති .
.ඉතිහාසය එලෙස ලියවෙද්දි කැළණිය සරසවියේ පශ්චාත් පුරා විද්‍යා ආයතනයේ මහාචාර්්‍යය ආචර්්‍ය රාජ් සෝමදේව  ශුරින් ට ඇති වුවේ දැඩි කුතුහලයකි .කි පු 1800න් පසුව දඩයක්කාර මානව යුගය අවසන් වෙයි .ඉන් පසුව කි පු 6 වන සියවසේදි විජයගේ ආක්‍රමණයත් සමග මහා වංශයෙන් අප ඉතිහාස කතාව ආර්තික සමාජ සංස්කෘතිය සියල්ල විකාශය වනබව කියවේ . එනමුදු දැරනියගල ශුරින්ගේ මානව පරිනාම ගවේශනයේ 1800 ත් මහා වංශයෙන් ඇරබෙන කි පු 6 වන සියවසත් අතර අතර මැදි හිඩැසට කුමක්ද සිදුවුවේ . විජය ලංකාවට පැමිනි යුගයේ සිටි කුවේණි කවුද ? කුවේණිගේ පරපුර කවුද ? යක්ෂයෝ කවුද? බලංගොඩ මානව පරපුර විදේශයකින් පැමිනි යකඩ වැඩ කරන්නම් ගොවියන් ඉදිරියේ පසු බැස්සාද? එසේ නොමැතිනම් එකි බලංගොඩ මානව පරපුරම එකි ගොවියා බවට යකඩ වැඩ කරන්නම් බවට පරිවර්තනය වුවාද? රාජ් සෝමදේව ශුරින්ගේ පරික්ෂණ මානය යොමු වුවේ එකි දිසාවෙනි .
මිට වසර 9000 කට පමන පෙර ශ්‍රි ලංකාවේ දේශගුණය  වෙනස් විමත් සමග එම යුගයේ සිටි ලාංකික ජන සමාජය ට කුමක් සිදුවුවේද යන කාරණාව පදනම් කරගනිමින් රාජ් සෝම දේව ශුරින් “දඩයක්කාරයාගේ සංග්‍රාමය “නමින් මෙකි පරික්ෂණය ආරම්භ කලේ 1997  වසරේදිය.එකි වසරේ සිට 2016 වසර දක්වාම

මේ පරික්ෂණය දියත් විය . බලංගොඩ මානව පරපුර ලාංකිය ඉතිහාසය විකාශය විමට සෘජු දායකත්වයත් ගෙන තිබුනද සාම්ප්‍රදායික ඉතිහාසය මහා වංශය හා එල්බ ගනිමින් ගොඩ නැගිමේදි ඒ පිලිබදව කිසිදු තැකිකමක් කර නොමැති බව සෝම දේව ශුරින්ගේ අදහස වෙයි .

190206_534270786589704_837523094_n
“පවතින ඉතිහාසය වෙනස් කරල යන රැඩිකල් ගමනක් නොවේ .දැරණියගල මහාතාගේ නිගමනය අනුව කි පු 1800 දි බලංගොඩ මානව පරපුර අවසන් වෙනවා .ඉන් පසුව කි පු 6 වන සියවසෙන් මහාවංශය විජගේ ආක්‍රමණයත් සමග පටන් ගන්නවා .මේ අතර  තිබෙන හිඩැස පිරවිමට කුවේනිගේ පරපුරා සොයා යන ගමනේදි ප්‍රෙද්ශ ගණනාවකම කැණිම් කලා .ඒ හිඩැස පිරවිමට කරැනු ගණනාවක් ම ඒ ප්‍රදේශ තුලදි අපට හමු වුනා .අපිට ගොවි තැන  යකඩ කර්මාන්තය ආවේ විදේශයෙන් ද අපි මේක හෙව්වා . නැහැ අපේ අයගෙන්මයි අපි පැවැතගෙන එන්නේ . ඊනියා විජය ආක්‍රමණයත් සමග ගොඩනැගුන ඉතිහාසයට  වඩා වැඩි දෙයක් අපි හිතන්න ඕනි. විජයගේ 700 කගේ පිරිසගෙන් අපි වෙනස් වුවානම් පෘතුගීසි,ලංදේසි,ඉංග්‍රිසි මේ රට ආක්‍රමණය කරද්දි අපි ඒ ජාතින් බවට පරිවර්තනය වෙන්නත් ඕනිනේ. නමුත් අපි වෙනස් වුනේ නැනේ . අපේ විද්‍යාත්මක දත්ත අනුව කෘෂිකර්මාන්තය යකඩ කර්මාන්තය
සියල්ලම මේ රටේ විජයගේ මුත්ත ඉපදෙන්නත් කලින් තිබිල තියනවා .අපේ ප්‍රාග් ඓතිහාසික මනව පරපුර වරින් වර පැමිනි කාලගුණික දේශගුණික විපර්යාස වලට මුහුණ දෙමින් ජිවත් ව සිටිය බව හොදින් පැහැදිලි වනවා .පේමතිලක මහත්මා  හෝර්ටනතැන්න ආශිතව කල කැනිම් වලදි අපේ මානව පරපුර වසර දොලොස්දාහකට පමණ එපිටදි බාර්ලි වැනි ධාන්‍ය වගා කරගෙන තියෙනවා කියන දේ සනාත කරගෙන තිබුන .“
දැරණියගල ශුරින්ගේ බලංගොඩ මානව පරපුරේ විකාශය කි පු 1800න් අවසන් කිරිමත් කි පු 6 වන සියවසේ විජයගේ ආක්‍රමණයෙන් ලාංකිය ලිඛිත ඉතිහාසය ඇරඹිමත් අතර සාංග්‍රාන්ධි කාලය පිලිබදව තිබු ඉතිහාස හිඩැස වැසිම ට පෙර කි පදනමක් නොමැති යක්ෂ දේව රාවනා කතා වලින් පුරවා තිබිනි .ගොවිතැන යකඩ වැඩ වෙනත් කර්මාන්ත ආදි සියල්ල ලංකාවට ලැබුනේ මහා වංශයත් සමග බැදුන විජයගේ ආක්‍රමණයෙන් පසුවයි කියන කාරනාව 2006 වසර දක්වාම ලාංකිය ජනසමාජයේ තදින්ම බැදි පැවැතිනි. උගතුන් පවා එකි ඉතිහාසය වෙනස් කිරිමට මනාපයක් නොවිය .“ ශිරාන් දැරණියගල ශුරින් කි පු එක් ලක්ෂ විසි පන්දාහෙන් පටන් ගෙන 1800 වසරෙන් අවසන් කල බලංගොඩ මානවයා හා බැදුන ප්‍රාග් ඓතිහාසික කතාව වෙනස් කිරිමටවත් 6 වන සියවසයෙන් පටන් ගත් මහා වංශය වෙනස් කිරිමටවත් මගේ පරික්ෂණයේ තේමාව වුනේ නැහැ .මගේ අරමුන වුවේ මේ කාල පරාස දෙක ට අතර කාලයට මොකද වුනේ කියන කාරනාවයි .මොකද රටක ඉතිහාසය ගොඩනැගිමට මේ සිමාව මේ යුගය ඉතාම වැදගත් වෙනවා.බලංගොඩ මානවාගෙන් ම ආරම්භ වුන අපේම මානව පරපුර ගොවියා බවට යකඩ වැඩ කරන්නා බවට දඩයක්කාරයා බවට පරාවර්තනය වුනේ මේන්න මේ කාලය තුලයි. ඒක දවසකින් දෙකකින් සිදු වු දෙයක් නොවෙයි .මේ පිලිබදව තමයි අපි දඩයක්කාරයාගේ සංග්‍රාමය නමින් අපගේ පරික්ෂණ්‍ය ආරම්භ කලේ“ මහා චාර්්‍ය වරයා පැවැසිය.
10854859_901982329866413_6946059774845179311_o
එකි පරාවර්තනය සිදුවුන කලාපය ලෙස මහාචාර්්‍ය වරයා සැලකුවේ වියලි කලාපයත් තෙත් කලාපයත් අතර වු බලංගොඩ කලාපයයයි .ඒ අනුව 2007 වසරේදි රංචාමඩම ආශිත කලාපයේ කල කැණිම් මෙකි හැරවුම් ලක්ෂයේ සුවිශේෂිත මංපෙතත් විය . ඒ පිලිබදව රාජ් සෝමදේවයන් පවසන්නේ මෙබදු අදහසකි .
“රංචාමඩමේ විදුහල් භුමියේ කල කැණිම් තුලදි හමුවුන සාදක වලින් අපේ ඉතිහාසයේ බොහෝ දේ කියවෙනවා . පිලිස්සු මැටි වලං ඒ මැටි වලං ඇතුලේ තිබෙන ගල් ආයුධ එසේම සුවිශේෂි සොහොන් ගෙවල් ඒ සොහොන් ගෙවල් ආශිතව යාතු කර්ම කල සාධක එදා සිටි මානවයන්ට ඇදහිමට ආගමක් තිබුනේ නැහැ. ඒ නිසා ඔවුන් මලවුන් පිදුවායැයි විශ්වාස කරන්න පුලුවන් . සියලුම සොහොන් ගෙවල් බැදල තියෙන්නේ පොලවට ලඹ කරල .ඒ වගේම සිරරැ සොහොන් ගෙවල් තුල දැවිමේදි මැටි ස්ටරයකින් සිරැර ආවරණය කර තිබු බව මේ කැණිම් වලදි ඔප්පු වෙනවා .වාතය නොමැතිව සිරැර නොදැවෙන බව මේ  මානයන් හොදින් අවබෝද කරගෙන හිටිය පිරිසක් මේ සැම සොහොන් ගෙයකම ඇතුලට වාතය යාම සදහා කවුලු තියල තියෙන්නේ ඒ නිසයි. අප වංශ කතාවල සදහන් වන ආකාරයට සිරැරැ දැවිම

පිලිබදව සදහන් වන්නේ මහින්දාගමනයෙන් පසුව නමුත් රංචාමඩම ප්‍රෙද්ශ වල සොහොන් ගෙවල් නිරික්ෂණය කිරිමේදි මිහිදු හිමියන් පැමිණිමට වසර 2000 කට එපිට සිටම අපේ ජනතාව මෘත දේහ දවා තියනවා . අපේ ජනතාව අන්තිවාරම් දාල කපරාරැ කර ලඹ කර ගෙවල් බැදිමටත් අපේ ආදිතමයන්ට

පුලුවන් වි තියනවා .රරංචාමඩම උඩ රංචාමඩම ප්‍රදේශයේ සොහොන් ගෙවල් තුලින්මතු වුන කතා සුවිසාලයි. ඒ වගේම ඔවුන් ජිවත් වු ජනාවාස මේ කලාපය තුලින් මතු වුනා .“
විවිධ දේශගුණික පරිනාමයන්ගෙන් මානව වංශ කතාවට එක් වු බලංගොඩ මානව පරපුරේ එදා කාන්තාවන් සිය රැමත් බව රැක ගැනිම සදහා රෑපලාවන්‍ය පිලිබදව තිබි ඇති බව හමුවු සාදක කිපයකින් ම පැහැදිලි වෙයි. රංචමඩම කලාපයෙන් හමු වු ඇස් පිහාටු සකසන උපකරණයද එවැන්නකි.
“අපේම දඩයක්කාරයාමයි යකඩ වැඩ කරන්නනම් ගොවියන් බවට පරිවර්තනය වුනේ .අපේ අය ආක්‍රමණ හමුවේ දාල ගිහින් නැහැ. ඒ  පරිවර්තනය එක පාරටම සිදුවුන දෙයක් නොවෙයි . කදුකරයේ හිටිය දඩයක්කාරයන් කාලගුන විර්යාසක් සමග ක්‍රමයෙන් එයාලගේ දඩයම අතඇරල විකල්ප වලට යොමු වුනා . ඒ අනුව තමයි කෘෂි කර්මාන්තයට යොමු වුනේ . ඒ පරිවර්තයට ලක්වුනේ වියලි කලාපයත් තෙත් කලාපයත් අතර බලංගොඩ අවට ප්‍රදේශයයි. මේ කොරිඩෝවේ තමයි ඒ සාංස්කෘතික පරිනාමයේ කේන්ද්‍රස්තානය . 2014 වසරේ සිට අපේ කැණිම් වලදි මේ කලාප අපේ අවධානය ට ලක් වුනා . කටාරම් කෙටු නොකෙටු ගල් ලෙන් ,සෙල් ලිපි ගණනාවක් ම හමු වුනා. “rajsomadeva
රංචමඩම, උඩරංචාමඩම ,හල්දුම්මුල්ල ,කල්තොට,ගල්පාය , ඉලුක්කුඹුර ඇතුලු ප්‍රදේශණනාවක ම මේ හා බැදුනු කැණිම් ගණනාවක්ම රාජ් සෝම දේව ශුරින්ගෙන් සිදුවිනි .ඒ තුලින් මතුකර ගත් සාදක ඔස්සේ ඉතිහාසයේ තිබු හිඩැස වැසිමට ඇවැසි කාරනා මනාවට පසක් විය . එදා යක්ෂ නාග සුරයන් ලෙස හිඩැසේදි හැදින්වු අපේම ජනතාව යකඩ වැඩ කල නාවික කටයුතු කල ජනතාව පිලිබදව යැයි පරික්ෂණ වලදි පසක් විය .දියවින්න කිරිමකුලුගොල්ල කලාපයේ කල කැණිමකදි රාජ්සොම දේව ශුරින් සොයාගත් සෙල්ලිපියේ යක්ක නමින් තිබෙන කෙටි සටහන එකි යුගයේ සුවිශේෂි ලකුණකි.
මහාවංශයෙන්  එපිට ප්‍රාග් ඓතිහාසික මානවයාගෙන්ම පැවත එන අපේ ඉතිහාස කතාවේ තිබු බරපතල හිඩැස නිවැරදි කර අනාගතයට දායද කිරිමට රාජ් සෝමදේව ශුරින් 1997 වසරේ සිට ගත් මාහැගි වෙහෙසේ තිරය පසුපස කතාව පිලිබදවද වදනක් එක් නොකලහොත් එය අනාගතයට කරනා හානියකි .
මහාචාර්ය වරයා සිය පුද්ගලික ජිවිතයේ බිදක් සදහන් කරමින් සිය විෂය පරාෂය පිළිබදව මෙතෙක් සමාජය නොදන්නා පැති කඩක දුෂ්කර තාවයද එක්වරක මෙම ලියුම්කරැට  පැවසු අයුරින්ම සදහන් කරමු..
පුරා විද්‍යා ගවේශනය ගැන කතා කරද්දි මා හිතුවේ අපට ඉගන ගැනිමට වියදම් කලේ ‍මේ රටේ මහාජනතාවගේ බදු මුදල් . ඒ නිසා අපේ යුතුකමක් තියනවා මේ සමාජයට යමක් කිරිමට. මම ආචාර්්‍ය උපාධිය කලේ ස්විඩනයේ ඔප්සලා විශ්ව විද්‍යාලයේ . ඉන් පසු ජර්මනියෙ ලන්ඩනයේ සරසවි වලත් කටයුතු කලා.  මට බොහෝ අවස්තාව තිබුන විදෙස් ගතව කටයුතු කිරිමට. එනමුත් ඒ ගැන නොසිතා මේ ලංකාවේ මහා ජනයා වෙනුවෙන්ම ඉතා පිරිසිදු චේතනාවෙන්ම මේ ක්ෂත්‍රය තෝරා ගත්තා.  පුරා විද්‍යා කැණිම් සොයා යන ගමනත් හිතන තරම්  ලේසි පහසු නැහැ  මා සමග මගේ සහයකයන් ලෙස පශ්චාත් උපාදි ආයතනයේ අනුසා සමන්මලි ,දිනේශ් දේවගේ වගේම කැලණිය සරසවියේ මා ගෙන් පශ්චාත් උපාදිය පාඨමාලා හදාරන කුංචන මාතොට ආරච්චි, සංක රත්න කුමාර, කුසල් ගුණසේකර,  ඉන්ද්‍රජිත් ගුණතිලක,අකිල විලේවත්ත., රංජනි බාලසුරිය, ලක්මාල් වතුයාය, පංචමි විතාරම, ඉදුනිල් ආදි සිසු සිසුවියන් එක් වි ඉන්නවා.  මේ ශිෂ්‍යයෝ වෛද්‍ය වරැ ඉංජිනේරැවෝ වගේ විවිධ ක්ත්‍රයන් හි ඉන්න රාජ්‍ය නිලධාරින්.  ඒ අතර තමා පුරා විද්‍යා විෂය හදාරමින් මේ ගමනට එක් වි ඉන්නේ. එම විෂයේ ප්‍රායෝගික දැනුමක් ලැබිමට ”
12045283_1001929006538411_1963541413431815569_o
පුරා විද්‍යා ස්තානයක් නිවැරදිව හදුන ගැනුම,  කිසිදු මනුෂ්‍යකුටවත් සාමානයෙන් යාමට නොහැකි වන අති දුෂ්කර ගල් ගුහාවක පවා හරියටම මේ ස්තානයේම කැණිම සිදුකලහොත් අප බලා පොරොත්තු වන සාදක හමු විමට පුලුවනියි කියන අදහසින් කැණිම නිවැරදිවම කිරිම කල හැක්කේ මහා ප්‍රාඤයෙකුටම පමනි. ලංකාවේ පුරා විද්‍යා පනත අනුව රජයේ පුද්ගලික ඕනෑම ස්තානයක කෑනිම් කිරිමට පුරා විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා හරහා අදාල බලපත් ලබාගෙන අදාල කලාපයේ පොලිසියට ප්‍රාදේශිය ලේකම් වරයාට දැණුම් දි කැණිමක් කිරිම සාමාන්‍ය පිලිවෙතයි .එම කැණිම් පොලව යට ,ගල්ගුහා සේම

අවදානම් මහා ගල්පරැවත මතද කල යුතු වෙනවා. කැලෑ මැද ලි වලින් පලංචි ගසමින් ගල් පරැවත මත නැගි සෙල් ලිපි පිටපත් කිරිම් ආදියට මහාචාර්ය  වරයා සමග සිටින කාන්තා සිසුවියන් පවා ඉදිරිපත්
වන්නේ ජිවිත අවදානම නොසිතා ජාතියේ අභිමානය ගැන සිතමිනි.
මේ කාර්යේදි ජිවිත වදානමත් තියනව.  සිගිරියේ කැණිම් කරන විට අපේ සිසුවියක්ගේ ජිවිතයත් හානි
වුනා .ඉයේ දිනයේ මේ ගල්ගුහාවේ ගලක් ඇවිත් අපේ දිනේශ් ගේ ඔලුවත් පැලුනා. ඒ වගේම සතා සිව්පාවන්ගෙන් වන අනතුරැත් තියනව. දින සති මාස ගණන් කැනිම් කරන වෙලාවටකලාතුරකින් ප්‍රතිපල නොලබා පරාජය වුන තැන් ද නැතුවා නොවෙයි .අපේ සියලුම කැණිම් මහා ජනතාවට මාධ්‍යට නිරතුරැ විවිර්තයි. මේ වගේ කැණිමකට ආයතන මට්ට‍මෙන් වෙන් වන්නේ පොඩි මුදලක් . ඒ තුලින් සියල්ල දරා ගන්න ඕනි .කෑම බිම නවාතැන් සේවක පඩිනඩි .බොහෝ වෙලාවට ගම්වාසින් වගේම අවට මහාජනතාවගෙන් සහය ලැබෙනව. එහෙම සහය නොලැබෙන වෙලාවල් එයාලගෙන් බාදා වන වෙලාවලුත් තියනවා. අපේ කන්ඩායම ඒ සියල්ලම උපේක්ෂා සහගතව විදදරා ගන්නවා.  පොලව යට කරන කැනිමක් කරන්නෙත් බොහොම ඉවසිමකින් . පුංචි පිංසල් වලින් වගේ ඉතා සියුම්ව අප සමග එක් වි ඉන්න ලමයි බොහොම විනයානු කුලව ඉවසිමකින් කටයුතු කරන අය . අපි මෙහෙම ගල් ගුහාවක නතර වි අතිත අත්දැකිම් විදගන්නවා  . කැනිම් බිමකදි අපේ රාත්‍රි නවාතැන සදහා අනිවාර්යෙන්ම කිට්ටුව පාත නිවසක් නවාතැනට තෝරා ගන්නවා ඒ නවාතැන මේ ස්තානයේ වගේම සමහර විට වැඩබිමෙන් ඈත වන වෙලාවල් වෙනවා දහවල් වැඩ කරන විට අව්වැසි සුලග වැනි පරිසර බාදා ද එනවා. ඒ සියලුම බාදා මැද්දේ වැඩකටයුතු කරල හවස නවාතැනට ඇවිල්ලත් දවල් සොයාගත් දේවල් පිලිබදව අධ්‍යන කටයුතු කරනවා. සොයා ගත් දේවල් වල කාල නිර්නයන් විදේශ් රටවල පරික්ෂණගාරවලට යවල තහවුරැ කර ගන්නනවා .-පරිසර සාධක පිලිබදව භු විශේෂඤයන්ගේ පරිසර විහේෂඤයන්ගේ සහයෝගයත් අප ලබා ගන්නවාත මෙහෙම තමයි මේ ක්ෂ්ත්‍රයේ ජිවිතයේ හැටි ”
දකුනු ආසියාවේම‍ මානව වංශකතාව ඓතිහාසික මාවතකට රැගෙන යන මහා ප්‍රාඤයා ඇතුලු කණ්ඩායමට ජාතියේම ප්‍රනාමය හිමිවිය යුතුයි.
———————————————-
චාමින්ද දිසානායක විසින් 2016/10/30 ඉරිදා ලංකාදිප පුවත් පතට ලිව් ලිපිය උපුටා ගැනිමකි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *